Pages

Wednesday, February 9, 2011

කුණු වෙන කුණු

කුණු වෙන කුණු
 2011 වර්ෂයේ ජනමධ්‍ය විද්‍යාලයේ ඩිප්ලෝමාව හදාරන අපි,දත්ත රැස්කර ගැනීම සදහා නාරහෙම්පිට නගරය අවට නිරීක්ෂණය කළෙමු.මගේ දෑස සිසාරා යන මොහොතේ එක් දෙයක් පිළිබද මගේ අවදානය යොමු විය.නාරහෙම්පිට වූ කලී විශාල ජන සමුහයක් වාසය කරන ප්‍රදේශයකි.එනම් ප්‍රදේශය දැඩි ආරක්ෂාකරිව තිබීම අනිවාර්ය විය යුතුය.හමුදා නිලදාරීන් වැඩි පිරිසක් සිටීමෙන් පමණක් ප්‍රමාණවත් නොවේ.

කිරුල පාරෙන් අපගේ ගමන පටන් ගත් මොහොතේ පටන් නැවතත් විද්‍යාලයට පැමිණෙන තෙක්ම මග දෙපස තිබුනේ කුණු වන කුණු ය.ලංකාවේ ප්‍රදාන ඉස්පිරිතලයක් ය ලංකා රෝහල.අදි සුපොපබොගි,පවුද්ගලික රෝහලකි එය.රෝහලට පැමිණෙන මාර්ගය ඉතා අලංකාරය.මනහරය.රෝගීන්ගේ මනස පිනවන සුළුය.සැබවින්ම එය සතුටට කරුණකි.නමුත් ඒ සියලු දැකුම්කලු දේ දැකගත හැක්කේ රෝහලේ ඉදිරිපසින් පමණි.පිටුපසින් දැකගත හැක්කේ කුණු වන කුණු පමණි.රෝහල පිටුපස තාප්පය අසල පිහිටි කානුව අවහිර වී ඇත්තේ කුණු මගින්ය.කුණු හිර වී කානුව තුල ජලය එකතු වී ඩෙංගු  මදුරුවන ද බෝ වී ඇත.
එපමණක් නොව ඩඩ්ලි සේනානායක පාසැල අවට කුණු කසල පිරී ඇත.එමෙන්ම මාර්ගය අසල කුණු කුණුවී පවතින අතර කාක්කන් බෝවී ඇත්තේ ඒ නිසාය.
එපමණක් නොව හමුදාවෙන් එළවලු මේ දිනවල විකිණීම හේතුවෙන් අප ඒ අසලට ගියමු.
කෑරට්:110
දෙහි:65
කරිවිල;110
පතෝල:80
ඉහත මිල ගණන් වලට ඔවුන් එළවලු විකුණු අතර ඒ එළවලු කුණු වූ ඒවා බව දැක ගැනීමට හැකිවිය.සැබවින්ම අප හට ඉතා හොදින් කුණු වූ කුණු දැකගැනීමට හැකිවිය.

Monday, February 7, 2011

මේ මගේ සඳ


යෞවනයේ එළිපත්ත,
පිපි පුංචි මල් කැකුල,
දැක ගන්න පායා ඇවිත්,
සුපුන් සඳ මඩලක් .......
ඒ ...මගේ ...සඳ....
මුව මඩල නොව,මගේ,
මුළු ගතම හිනැහුණා,
ඔබ පැමිණි සඳ,
හදවත සැණකෙළි සිරින්,
නැටු හැටි වන්නම්
දැනුනා මට,
සුරල් පාමින්,
පිපුන මිහිරි කුසුමන්
නැලවී රන් සීනු සරින්....
මගේ...හිත පූරා,
සුවඳ දී,
මුළු ජිවිතේ
ඔබ පායා ආ සඳ,
පිබිදුණා මගේ ලෝකයම
බැලීමි  ජීවිතය දෙස
මොන තරම් නම් හරබරද?
මොන තරම් නම් පියකරුද?
මේ දිවිය ,
මගේ සඳ.....
ඔබ නිසා මා දුටුව....
නොඑන්නට  මා වෙත ,
කිසි දිනක අමාවක,
පායන්න එලිය දී 
මගේ ......
පින් පිරු සඳ....
මගේ සඳ...!
ඔබ ,
මා වෙත පැමිණි සඳ .....
පැමිණ
මා ,අවදි කල සඳ.....
මා හා
පැමිණ බැදී සඳ,
ඔබය,
මගේ, රත්තරන්......,
සඳ...,


Tuesday, February 1, 2011

 
සැබෑව
ආලය,ප්‍රේමය,
හොදින් ගරා,
පිරිසිදු කොට,
සෙනෙහස,කරුණාව,දයාව,
වෙනකොට රැගෙන,
පත අට,මන්චාදියට සිදුවා,
සිනහව සමග කලතා,
හදවත තුල සුරැකිව
බහාලුවෙමි"
 පියාපත් අහිමි වූ  කුරුලු පැටවුන්
පියාපත් අහිමි වීම නිසා දරුවන් ලෙසින් මහපොළව උරුම කරගත් කුරුළු පැටවුන් සේය.ඔවුහු සවබවයෙන්ම කුරුලු පැටවුන්ගේ ගති ලක්ෂණ උරුම කරගත්තෝ වෙති.අත්තටු වෙනුවට ඔවුනට හිමිවී ඇති සිගිති අත්‍ පා ඒමේ අත ගසමින් පියා හැබිමේ නිරතුරු උත්සාහයක යෙදෙති.රංචු එක් වූ කල තොර තෝංචියක් නැතුවම මිහිරි හද නගිමින් කිචි බිචි නද දෙති.නොනිමෙන්නාවූ කුසගිනි ඇති එවුන් සේ සැම විටම කැමට දේ සොයති.ගඩා ගෙඩි,පල වැලක් ලදවිට සපුරා තුටු වෙති.
පක්ෂීන්,සමනලින් ,දියඇලි,ගහකොළ,මල්වැනි සොදුරුතම දේවලින් ඔවුන්ගේ ලෝකය නිර්මාණය වී ඇත.ඔවුහු සුමුදු බවත්,සිඋමාලි බවත්,දායාද කොට ගත්තෝ වෙති.දුක,කදුල ඔවුන්ගේ ලොවට ආගන්තුකය.හිරු,සදු,තාරක,විහගුන් ඔවුන්ගේ ලේ නෑයින් වෙති.
ඔවුහු සුළගේ නෙලවෙන්ටත් වලාකුළු අතර සැරිසරන්ටත් නොතිත් වූ ආශා ඇත්තෝය.උණුසුමට තුරුළු වී නිදි සුව ලබද්දීද ඔවුහු පරවී දෙපාවන්අත්‍ පා පොඩි ගසමින් සිනහ නගමින් ඉගිල ගන්නට උත්සහ දරති.