වගා බිම් වල ගොඩ ගැසී ඇති වැලි ප්‍රවාහනය කිරීම සදහා ගොවි ජන සව අමාත්යංශය තීරණය කරයි.අමාත්‍යංශ මගින් ගොවි ජන සේවා කොමසාරිස් ජනරාල් රවින්ද්‍ර හේවාවිතාරණ මහතාට අමාත්‍යංශ විසින් උපදෙස් ලබා දී ඇත්තේ වැලි ප්‍රවාහනයට ප්‍රාදේශීය ලේකම්වරුන් හා පොලිස් ස්ථානදිපතිවරුන් දැනුවත් කර අවශ්ෂ අවසර ලබා දෙන බවයි.ජල ගැලීම් හේතුවෙන් දිස්තික්ක ගණනාවක කුබුරු තුල විශාල වැලි ප්‍රමාණයක් ගොඩ ගැසී ඇත.මේ යල් කන්නයේ නැවත වගා කටයුතු අරඹ කිරීමට එය දැඩි අපහසුතාවයක් වී ඇතැයිගොවි ගැන සේවා හා වන ජීවි අමාත්යංශය පවසයි.
-----------------------------------------------------------------------------------------------------------------------
දුම්රියේ පාපුවරුවේ ගමන් කිරීම හේතුවෙන් ජිවිත් ගණනාවක් අනතුරට ලක්ව ඇත.පසුගිය සතිය තුල ද ජිවිත අනතුරු වූ බව ශ්‍රී ලංකා දුම්රිය සේවයේ අද්‍යක්ෂ,සැලසුම් විජය සමරසිංහ මහතා පවසයි.ඊයේ දිනද මෙලෙස අවදානම් ලෙස පාපුවරුවේ යාමෙන් අලවතුපිටිය දුම්රිය ස්ථානයේදී වේදිකාවක ගැටී පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත් ව ඇත.මේ අයුරින් පාපුවරුවේ ගමන් කිරීමෙන් අනපේක්ෂිත ලෙස පාලම් හා වේදිකාවල ගැටීමෙන් බොහෝ දෙනෙකු අනතුරු වලට මුහුණ දෙයි
--------------------------------------------------------------------------------------------------------------------.
ශ්‍රී ලංකා ජනමාද්‍ය විද්‍යාලයේ 2010 ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය නොර්වෙනියානු තානාපති හිල්ඩේ හෙරල් ස්ටේගේ මැතිනියගේ ප්‍රදානත්වයෙන් පැවැත්වෙනි.එමෙන්ම ස්ටේගේ මැතිනිය ප්‍රදාන කතාවෙන් කියා සිටියේ ශ්‍රී ලංකා ජනමාද්‍ය විද්‍යාලයෙන් දක්ෂ මාධ්යවේදීන් බිහිවෙන බවයි .ඊයේ ශිෂ්‍යාවන් 71 දෙනෙකුට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සහතිකපත්‍ර ප්‍රදානය කෙරුණි.සිංහල රුපවාහිනී අංශයෙන් රුචිනි මනිෂා ද ,සිංහල රෙදිඕ අංශයෙන් හර්ෂ රුපරත්න හා ඉංග්‍රීසි මුද්‍රිත අංශයෙන් අමිරා මරියන්ස් සදහා විශිෂ්ට සම්මානද පිරිනැමුණි
-----------------------------------------------------------------------------------------------------------------.
ශ්‍රී ලංකා ජනමාද්‍ය විද්‍යාලයේ 2010 ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය නොර්වෙනියානු තානාපති හිල්ඩේ හෙරල් ස්ටේගේ මැතිනියගේ ප්‍රදානත්වයෙන් පැවැත්වෙනි.ඊයේ දින පැවති මෙම ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය පස්වරු 4.00 ට ආරම්බ විය.හිල්ඩේ හෙරල් ස්ටේගේ මැතිනිය සිය ප්‍රදාන කතාවෙන් ශ්‍රී ලංකා ජනමාද්‍ය විද්‍යාලයෙන් දක්ෂ ශිෂ්ෂයන් බිහිවන බවත් ,ශ්‍රී ලංකාව වැනි රටවලට ආදාර කිරීමට තමන් කැමති බවත් පවසා සිටියාය.එදින ප්‍රදාන අමුත්තන් ලෙස ස්වීඩනයේ ලිනිඋස් විශ්ව විද්‍යාලයේ ව්‍යපෘති කලමන කරන උපදේශිකා ෆියෝන බර්ටිනා මැතිනිය සහ සන්දේ ඓලන්ඩ් පුවත්පතේ කතෘ මනින්ද සිල්වා මහතාද සහබාගි විය.කොළොඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති මෙම උත්සවයේදී ශිශ්ශින් 71 දෙනෙකුට සහතිකපත් ප්‍රදානය කෙරුණි.එයින්ද විශිෂ්ට සම්මාන ලබා ගැනීමට ශිෂ්ෂයින් 21 දනෙකු සමත් විය.එදින උත්සවය නැරබීම සදහා ශිශ්ශින්ගේ දෙමවුපියන්ද සහබාගි විය.එමෙන්ම එදින සිංහල රුපවාහිනී අංශයෙන් රුචිනි මනිෂා ද ,සිංහල රෙදිඕ අංශයෙන් හර්ෂ රුපරත්න හා ඉංග්‍රීසි මුද්‍රිත අංශයෙන් අමිරා මරියන්ස් සදහා විශිෂ්ට සම්මානද පිරිනැමුණිඑමෙන්ම අවසානයේදී ස්තුති කතාව රුවිනි මහිෂා විසින් ඉදිරිපත් කෙරුණි
------------------------------------------------------------------------------------------------------------------.
කළුතර අපද්‍රව්‍ය කළමනාකරණ මද්‍යස්ථානය හෙට විවුර්ත කිරීමට නියමිතය.මෙය කැලිකසල ප්‍රශ්නයට තිරසාර විසදුමක් ලබාදීමේ අරමුණින් පරිසර අමාත්යංශය හා මද්යම පරිසර අදිකාරිය එක්ව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියකි.ඒ සදහා මද්යම පරිසර අදිකාරියේ සබාපති චරිත හේරත් මහතා ඇතුළු සම්බාවනිය අමුත්තන්ද මෙයට සහබාගි වීමට නියමිතය.මෙතුලින් කළුතර මහා නගර සබාව ,කළුතර ප්‍රාදේශීය සබාව හා පානදුර ප්‍රාදේශීය සබාව යන ආයතන සදහා කළමණාකරන පහසුකම් සැලසීමට නියමිතය. මෙහි සමාරම්බක වැඩසටහන කළුතර පොහොරවත්ත ව්‍ය්ප්පෘති බුමියේදී පැවෙත්වේ.
------------------------------------------------------------------------------------------------------------------
පුත්තලම ප්‍රදේශයේ මොර වැව ප්‍රතිසංස්කරණ කටයුතු හෙට ආර්ථික සංවර්දන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් අරඹ කිරීමට නියමිතය.මෙය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයට අනුව ගංවතුර හේතුවෙන් විනාශයට පත් වැවු 2000 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ පිළිවෙල යටතේ මෙය ච්රියත්මක විය.මීට අමතරව දිවයිනේ විවිඩ ප්‍රදේශ වල ගංවතුර හේතුවෙන් හානියට පත් අතුරු මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම යටතේ මෙය ආරම්බ විය.
------------------------------------------------------------------------------------------------------------------
බාහිර උපාදියට ලියාපදිංචි වීම සදහා මේ වසරේදී පමණක් ලබා දෙන බව උසස් අද්යාපන අමාත්‍ය එස් .බි . දිසානායක මහතා ප්‍රකාශ කළේය.ඒ පිළිබද තොරතුරු ලබා ගැනීම සදහා අමාත්‍යවරයා සම්බන්ද කරගත් විට ඔහු පැවසුවේ අපේක්ෂකයන් විශාල පිරිසකගේ ඉල්ලීම අනුව මෙම තීරණය ගත් බවය.
තවද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සබාවේ සබාපති ගාමිණී සමරනායක මහතා ප්‍රකාශ කර සිටියේ බාහිර උපාදිය මේ වසරේදී පමණක් කිරීම සදහා ඉඩලබා දෙන බවය .එමෙන්ම ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මේ වසරෙන් පසු ශිෂ්ෂයින් තෝරා ගැනීමට නව ක්‍රමවේදයක් ලබාදෙන බවය.එමෙන්ම ජයවර්දනපුර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වන අකුනුගොඩ ගුණරතන හිමි කියා සිටියේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගේ රැස්වීමකදී මෙපිලිබද ගැටලුව ඉදිරිපත් කිරීමේදී මේ විසදුම ගත් බවය
2011/03/09.
-----------------------------------------------------------------------------------------------------------------
"මුද්‍රිත මාද්‍ය මගින් යම් අසාධාරණයක් සිදු වුවහොත් ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසන් සබාව පෙනීසිටි." මේ බව කියා සිටියේ ලංකා පුවත්පත් පැමිණිලි කොමිසන්සබාවේ ප්‍රදාන විදායක කමල් ලියනාරච්චි මහතාය. එමෙන්ම 1985 අංක 11 පනත යටතේ පවත්වන ලද ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසන් සබාවට 2003 සිට 2009 දක්වා පැමිණිලි ක් ලැබී ඇත.
තවද,ලංකා පුවත්පත් පැමිණිලි කොමිසන් සබාවේ මුලිකම අරමුණ වනුයේ ආචාර දර්මිකව පුවත්පත් කලාව සිදුකිරීමය.
-------------------------------------------------------------------------------------------------
වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්ෂක රාජකාරී සිදුකරනු ලබන සියලුම පොලිස් නිලධාරීන් නිල ඇඳුමින් සැරසි රාජකාරී කටයුතු කළ යුතු බවට පොලිස් මූලස්ථානය නියෝග කර තිබේ.
මේ අනූව ඇමති ආරක්ෂක කොට්ඨාසයේ සහ සියලුම පොලිස් ස්ථානවල ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා ඇති නිලධාරීන් නිල ඇඳුමින් සැරසි රාජකාරී කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මැක්සි ප්‍රොක්ටර් මහතා පවසයි.
අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නියෝග අනූව කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
(2011/10/13)
-------------------------------------------------------------------------------------------------------------
සිය පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් මෙතෙක් තමන්ට දැනුම් දී නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසනවා.
තමාගේ සහ ශිරාල් ලක්තිලක මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති බවට මාධ්‍ය මගින් තමා දැනගත් බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.
පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ශිරාල් ලක්තිලක යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවූ බව එක්සත් ජාතික පක්ෂය ඊයේ(13) නිවේදනය කලා.
පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී බුද්ධික පතිරණ සහ ශිරාල් ලක්තිලක යන මහත්වරුන් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමට හෝ පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට සහයෝගය නොදැක්වීම ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට හේතු වූ බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කර තිබුනා.
අදාළ නිවේදනය මගින් සඳහන් කරනු ලබන කරුණු තරයේම ප්‍රතික්ෂේප කරන බව මේ සම්බන්ධයෙන් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කලා.
පක්ෂයෙන් කුමන චෝදනා එල්ල වුවද කිසිවිටෙකත් පක්ෂය හැර නොයන බව බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලා.
මේ අතර බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාගේ සහ ශිරාල් ලක්තිලක මහතාගේ අයිතීන් වෙනුවෙන් කටයුතු කිරීමට තමා ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාකියා තිබුනා.
අදාළ තීන්දුව හෝ එම තීන්දුවට අදාළ කරුණු පිළිබඳව හෝ තමන් කිසිවක් නොදන්නා බවත්, ඒ සම්බන්ධව තමන් සමග කිසිවකු හෝ සාකච්ඡා නොකළ බවත් ඔහු පෙන්වාදුන්නා.
slcj පුවත් /2011/10/14
---------------------------------------------------------------------------------------------------------------
බිබිල මැදගම ජාතික පාසලේ අවුරුදු 8 ක පාසල් සිසුවෙක් ත්‍රීරෝදයක ගැටීමෙන් මිය ගියා.
ඊයේ සවස පාසල් ඇරී ආපසු නිවාස බලා පැමිණෙමින් තිබියද්යි මෙම අනතුර සිදුව ඇත්තේ.
අනතුර සිදු වූ අවස්ථාවේ පාසල් සිසුවා මොනරාගල සිරිගල රෝහලට ඇතුලත් කර තිබෙන අතර පසුව පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.
නමුත් ඊයේ රාත්‍රියේ සිසුවා ජිවිතක්ෂයට පත් වුනා.
මේ සම්බන්දයෙන් අප මැදගම පොලිසියෙන් විමසීමක් කල අවස්ථාවේදී, එහි පොලිස් ප්‍රකාශකයෙක් කියා සිටියේ ,ත්‍රීරෝදරත රියදුරු අද පස්වරුවේ බිබිල මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කරන බවයි.
slcj පුවත් /2011/10/18
--------------------------------------------------------------------------------------------------------------
බදුල්ල ශ්‍රී ලංගම ඩිපෝවේ සේවකයින් අද වැඩ වර්ජනයක නිරත වුනා.
වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමේ අරමුණ වශයෙන් මොවුන් පෙන්වා දෙන්නේ ,බදුල්ල ඩිපෝවේ හිටපු කළමනාකරු සුජීව ප්‍රේමලාල් ද සිල්වා මහතාට ස්ථාන මාරුවක් ලබා දීම සම්බන්ධයෙනුයි.
මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේත් උත්ගොෂණයක් ක්‍රියාත්මක වූ බව බදුල්ල පොලිසිය සඳහන් කළා.
එමෙන්ම බදුල්ල ලංගම ඩිපෝවේ සේවකයෙකුගෙන්ද අප විමසීමක් කළා.එහිදී ඔහු කියා සිටියේ මැතිවරණ කොමසාරිස්තුමාගේ නියෝගයක් මත අදාල පුද්ගලයා බණ්ඩාරවෙලට මාරු කර යවා ඇති බවයි.තවද ඔහු පසුගිය මැතිවරණයට නගරසභාවෙන් චන්දය ඉල්ලීම මෙයට හේතුව බවත් ඩිපෝවේ සේවකයා පැවසුවා.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගෙන්ද අප විමසීමක් කළා.
එහිදී දේශප්‍රිය මහතා සදහන් කලේ ඩිපෝ කළමනාකරුගේ ස්ථාන මාරුව සම්බන්ධව තමන්ට කිසිදු අදාලත්වයක් නොමැති බවයි.
එමෙන්ම වැඩිදුරටත් ඔහු පෙන්වා දුන්නේ,මේ පිළිබදව ලිඛ්තව දැන්වුවොත් යම් ක්‍රියාමාර්ගයක් ගතහැකි බවයි.
slcj පුවත් /2011/10/18
---------------------------------------------------------------------------------------------------------------
පාකිස්ථානයෙන් ඇමරිකාවට අනතුරු ඇගවීමක්.
පාකිස්ථාන - උතුරු වසිරිස්ථාන් කලාපයේ කුමන ආකාරයක හෝ ඒකපාර්ශවික ක‍්‍රියාමාර්ගයක් ගැනීමට පෙර ඇමරිකාව ඒ පිළිබඳ දස වතාවක් සිතා බැලිය යුතු බවට පාකිස්ථානය අනතුරු ඇගවීමක් කළා.
පාකිස්ථාන හමුදා ප‍්‍රධානී ජෙනරාල් අෂ්ෆාක් කයේනි අවධාරණය කළේ, පාකිස්ථාන, ඇෆ්ගනිස්ථාන දේශසීමා ආසන්නයේ සටන්කාමීන්ට එරෙහිව ක‍්‍රියාමාර්ග ගැනීමට පාකිස්ථානයට බල කිරීම ඇමරිකාව අත්හල යුතු බවයි.
ඇෆ්ගනිස්ථානය ස්ථාවර කිරිම සඳහා ඇමරිකාව අවධානය යොමු කළ යුතු බව පාකිස්ථාන හමුදා ප‍්‍රධානියා සඳහන් කළා.
හකානි සටන්කාමීන් ඇතුළු අනෙකුත් සටන්කාමී කණ්ඩායම් මර්දනය කරන ලෙස ඇමරිකාව කිහිපවිටක්ම පාකිස්ථානයෙන් ඉල්ලීම් කර තිබුණා. ඇෆ්ගනිස්ථානයෙහි මෑතකදී සිදුවූ ප‍්‍රහාර රැසකටම හකානි සටන්කාමී කණ්ඩායම වගකිව යුතු බවටයි චෝදනා එල්ල වුණේ.
කෙසේ වෙතත්, ඇමරිකාව පාකිස්ථානයට ලබාදෙන ආධාර අත්හිටුවනු ලැබුව ද එය පාකිස්ථානයේ ආරක්‍ෂක කටයුතුවලට කිසිඳු බලපෑමක් ඇති නොකරන බව
ජෙනරාල් අෂ්ෆාක් කයේනි ප‍්‍රකාශ කර තිබෙනවා.
slcj පුවත් /2011/10/20
----------------------------------------------------------------------------------------------------------
ශී‍්‍ර ලංකා ජනපතිට එරෙහි විය නොහැකියි. - ඕස්ටේ‍්‍රලියානු අගමැතිනිය කියයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව ඕස්ටේ‍්‍රලියානු පුරවැසි භාවය සහිත ශී‍්‍ර ලාංකික දෙමළ ජාතිකයෙකු විසින් එරට අධිකරණයක ගොනු කර ඇති යුධ අපරාධ චෝදනා විභාග කිරීමට රජයේ අනුමැතියක් තිබිය යුතු බව අගමැතිනී ජුලියා ගිලාඩ් පවසනවා. ඕස්ටේ‍්‍රලියානු මධ්‍යම රජයේ අනුමැතියකින් තොරව මෙල්බර්න් මහෙස්ත‍්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති එම චෝදනා විභාග කළ නොහැකි බවයි ඇය සඳහන් කළේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වනවිට පර්ත් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක රැස්වීමට සහභාගී වීමට ඕස්ටේ‍්‍රලියාවට ගොස් සිටිනවා. ඕස්ටේ‍්‍රලියානු ගුවන්විදුලිය වෙනුවෙන් අදහස් දක්වමින් අගමැතිනී ජුලියා ගිලාඩ් තවදුරටත් සඳහන් කළේ මෙවැනි නීතිමය කි‍්‍රයාමාර්ග සඳහා එරට නීතිපතිවරයාගේ ද අනුමැතිය හිමි විය යුතු බවයි. එරට නීතිපතිවරයා වෙත ඒ සඳහා වන ඉල්ලීමක් මෙතෙක් ඉදිරිපත් වී නොමැති බවත් ඇය අවධාරණය කළා.
යුද්ධය පැවැති සමයේ වසර තුනක් තමා ශී‍්‍ර ලංකාවේ වාසය කළ බවත්, සිවිල් වැසියන් ආරක්ෂක අංශ ප‍්‍රහාරවලින් මියයනු තමන් දුටු බවත් පවසමින් මෙලෙස ජනාධිපතිවරයා වෙත යුද අපරාධ චෝදනා එල්ල කර ඇත්තේ අරුනාචලම් ජගධීෂ්වරන් නැමැත්තෙක්. ති‍්‍රවිද හමුදාවල අණදෙන නිලධාරියා ලෙස ජනාධිපතිවරයා ඒ සඳහා වගකිව යුතු බව ඔහු විසින් මෙල්බර්න් අධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සමේ දැක්වෙනවා. කෙසේ නමුත්, ඔස්ටේ‍්‍රලියානු නීතිපති රොබට් මැක්-ක්ලෙලන්ඞ්ගේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ එය මෙතෙක් නීතිපතිවරයාගේ ඇගයීමට ලක් වී නොමැති බවයි. ඕස්ටේ‍්‍රලියාවේ සංචාරය කරන රාජ්‍ය නායකයන්ට එරෙහිව එලෙස කටයුතු නොකිරීමේ ජාත්‍යන්තර නීතියට සිය රට බැදී සිටින බවත්, ඔහු තවදුරටත් සඳහන් කළා.
slcj පුවත් /2011/10/25
----------------------------------------------------------------------------------------------------------------
කන්දකුලිය උපවාසයට එක්ව සිටි හිමිනමක් රෝහල් ගත කෙරේ.
ඉන්දියාවේ අන්දමන් දූපතෙහි රඳවා සිටින ධීවරයින් 06 දෙනා නිදහස් කර දෙන ලෙස ඉල්ලා දින 04 ක් තිස්සේ කල්පිටිය - කන්දකුලිය ප‍්‍රදේශයේ උපවාසයක නිරත වූ භික්ෂූන්වහන්සේ නමක් අද (28) උදෑසන රෝහල්ගත කර තිබෙනවා. උන්වහන්සේ සහ උපවාසයේ නිරතව සිටි ධීවර මවද අසාධ්‍ය තත්ත්වයේ පසුවීම හේතුවෙන් මෙලෙස රෝහල්ගත කළ බවයි වාර්තා වන්නේ. මේ අතර, ඉන්දියාවේ රඳවාගෙන සිටින ධීවරයින් සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ මාධ්‍ය වෙත සිදුකළ ප‍්‍රකාශයකට විරෝධය දක්වමින් ප‍්‍රදේශයේ තවත් ස්වාමින්වහන්සේලා දෙනමක් සහ ඔවුන්ගේ ඥාතීන් ද මේ වනවිට උපවාසයට එක්ව සිටිනවා.
slcj පුවත් /2011/10/28
----------------------------------------------------------------------------------------------------------
ප‍්‍රංශයේ කොටි ප‍්‍රබලයන් ගැටෙයි.
ප‍්‍රංශයේ එල්.ටී.ටී.ඊ. ආධාරකරුවන් අතර ගැටුම් ආරම්භ වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළා. ඒ අනුව කොටි ජාත්‍යන්තර ජාලයේ ප‍්‍රධානියෙකු වන නෙදියවන් සහ විනයාකම් නැමැත්තාගේ ආධාරකරුවන් අතර මෙම ගැටුම් උත්සන්න වී ඇති බවයි වාර්තා වන්නේ. පැරිස් නුවර දෙමළ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි නෙදියවන්ගේ කාර්යාලයකට ද ඔවුන් පහර දී තිබෙනවා. 2007 වසරේ සිට ප‍්‍රංශ ආරක්ෂක අංශ එරට කි‍්‍රයාත්මක කොටි හිතවාදී මෙහෙයුම්වලට එරෙහි පරීක්ෂණ ආරම්භ කළා. ඒ අනුව එල්.ටී.ටී.ඊ. ආධාරකරුවන් අත්අඩගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ප‍්‍රංශයේ කොටි හිතවාදී මෙහෙයුම් නෙදියවන් විසින් මෙහෙයවන අතර, එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර ජාලය මෙහෙයවන බවට ද ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා. මේ අතර, ගැටුම්වලදී නෙදියවන් පාර්ශ්වයේ ප‍්‍රධානියෙකුට ගැටුම්වලදී බරපතල තුවාල සිදුව ඇති අතර, ඔහු මේ වනවිට පැරිස් නුවර රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බව සඳහන්.
slcj පුවත් /2011/11/03