Pages

Thursday, November 3, 2011

කාල් මාක්ස්




කාල් මාක්ස් (1818-1883) යනු සම්භාව්‍ය සමාජ විද්‍යා චින්තනයේ එතරම් වැදගත් තැනක් නොදැරු එහෙත් පසුව සමාජ විද්‍යාඥයින්ට අමතක කිරීමට නොහැකී වු සමාජ දාර්ශනිකයෙකු හා සමාජ විද්‍යාඥයෙකු ලෙස සැලකිය හැකිය.


1876 දී මාක්ස්, “ප්‍රාග්ධනය” නාම් කෘතියේ පළමු කාණ්ඩය ප්‍රකාශයට පත්කලේය. කෙසේ නමුත් මාක්ස්ගේ දර්ශනයට පරිණාමවාදි මුහුණුවර පදනම විය.

ඵෙතිහාසික ක්‍රියාවලියේ හරය සමාජ ඝට්ටනයයි. ප්‍රාථමික හා ද්විතික අවශ්‍යතා සපුරා ගැනීමේ උත්සහයේදී ප්‍රතිවිරෝධතා යුගය ආරම්භ වේ. මානව සමාජයේ ශ්‍රම විභජනය මතුවීමත් සමග ඵම ප්‍රතිවිරෝධ පංති වශයෙන්,‍ඵෙතිහාසිකව ගොඩනැගුනේ යයි මාක්ස් සඳහන් කරයි. මානව ඉතිහාසයේ ඵ් ඵ් යුගවල පංති අරගලයක් තිබු අතර ඵ්වා අතර සුවිශේෂතා පැවතිණ. සමාජ ක්‍රමය දේශගුණය හා භූගෝලීය සාධක නොව ඵෙතිහාසික පරිවර්තනයන් අනුව, වෙනස් වන බව මාක්ස් පැවසුවේය. සමාජය පංතිවලට බෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් දේශපාලන, ආචාරමය, ආගමික හා දාර්ශනික අදහස් ගොඩනැගෙන අතර ප්‍රබල පංතියේ බලය හා ආධිපත්‍ය ආචාර එමගින් ස්ථාපිත වන්නේ යැයි මාක්ස් සඳහන් කරයි. නිෂ්පාදන මාර්ග වලට මිනිසුන් සම්බන්ධ වන ආකාරය අනුව පංති විෂමතා ඇතිවේ යයි මාක්ස් සඳහන් කරයි. ප්‍රධාන නුතන පංති වනුයේ ශ්‍රමික පංතිය, ප්‍රාග්ධන හිමි පංතිය, හා ඉඩම් හිමි පංතියයි. පිලිවෙලින් මේ අයගේ ආදායම් මාර්ග වනුයේ වැටුප්, ලාභය හා ඉඩම්ය.

මානව ඉතිහාසයේ අංශ දෙකක් ගැන මාක්ස් සඳහන් කරයි. ස්වභාව ධර්මය අභිබවා මිනිසා ජය ගැනීමේ ඉතිහාසය හා මිනිසා වේගයෙන් පරාරෝපනය වන ඉතිහාසයයි. ධනවාදී සමාජය තුළ හතර ආකාරයක පරාරෝපනයක් මාක්ස් දකී.


තමන් නිෂ්පාදනය කරන ද්‍යසයම හෝ නිෂ්පාදනයෙන් මිනිසා පරාරෝපනය වීම. කම්කරුවා තමා භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ වුවත් එහි අයිතිය හිමි වී නැත. භාණ්ඩයේ වටිනාකම අනුවවැටුපක් ද ඔහුට නොලැබේ.

කම්කරුවා නිෂ්පාදන ක්‍රියාවලියෙන් පරාරෝපනය වීම. නිෂ්පාදනයේ ශ්‍රමය පරාරෝපනය වීම පමනක් නොව නිෂ්පාදනයෙන් ද පරාරෝපනය වීමක් ද දැක්විය හැකිය.

කම්කරුවා ඔහුගෙන්ම පරාරෝපනය වීම. නිෂ්පාදන ශ්‍රමයෙන් නිෂ්පාදනයෙන් පමණක් නොව ඔහුගෙන් ඔහුගේ පෞරුෂයෙන් පරාරෝපනය වේ. වැඩ සෙවකයාගෙන් පරිභාහිරව පවතී.

පරාරෝපනය වු මිනිසා මානව ප්‍රජාවෙන් ද පරාරෝපනය වේ. සහචරයන්ගෙන් ද පරාරෝපනය වේ. එකිනෙක මිනිසා එකිනෙකාගෙන් පරාරෝපනය වීම දැකගත හැකිය.

Tuesday, November 1, 2011

පළමු සඳ ගමන අසාර්ථකයි!

“මිනිසකුගේ කුඩා පියවරක් වූ මෙය, මිනිස් වර්ගයාගේම දැවැන්ත පිම්මක් ! ඒ වසර 1969 දී ඇපලෝ IIයානය මඟින් හඳ මතට පළමුවෙන්ම ගොඩ බට නීල් ආම්ස්ට්‍රෝන් ඒ මොහොතේ මුදා හළ වදන්පෙළයි.



එහෙත්, එදා පටන් පැහැදිලි පිළිතුරක් නොලද ප්‍රශ්නයක් මහජනයා සන්තකයේ විය. එනම් මෙතරම් මුදලක් වියදම් කරමින්, මෙතරම් දුරක් ගමන් කරමින් සිදු කළ දැවැන්ත චාරිකාවේදී සඳේ ඉතා කුඩා බිම් පෙදෙසක පමණක් සැරිසැරුවේ ඇයි ද? යන්නයි. දැනට 80 හැවිරිදි වියේ පසුවන නීල් ආම්ස්ට්‍රෝන් සිය වසර ගණනක නිහැඩියාව බිඳීමින් වෙබ් අඩවියක් ඔස්සේ ඉකුත්දා ඉහත ප්‍රශ්නයට පිළිතුරු සපයා තිබුණි.

මෑතකදී මේ ප්‍රශ්නය නැවත කරළියට ඒමට හේතුව විද්‍යාත්මක වෙබ් අඩවි සටහන් කුරුවකු වන රොබට් ක්රුල්විච් (Robert krulwich) විසින් නගන ලද ප්‍රශ්නයකි. එමගින් ඔහු පවසා තිබුණේ, පළමු සඳ ගවේෂකයින් ආවරණය කරන ලද ප්‍රදේශය පාපන්දු ක්‍රීඩා පිටියකට ඉතා ආසන්න භූ®මි ප්‍රමාණයක් බවයි.

තවද ඔවුන්ගේ පිම්ම ඉතා දැවැන්ත වුවත් ගවේෂණය කළ භූ®මි ප්‍රමාණය ඉතාමත් කුඩා බවද ඔහු එහි සටහන් කර තිබුණි.

කෙසේ වෙතත් නීල් ආම්ස්ට්‍රෝන්ට අනුව ඒ් සඳහා කරුණු ගණාවක්ම හේතුවී ඇත. එයට එකම හේතුව වතුර මඟින් සිසිලනය කරන ලද ඔවුන්ගේ අභ්‍යවකාශ ඇඳුම ගැන තිබූ දෙගිඩියාව නොවන බවද ඔහු අවධාරණය කර තිබුණි.

අපට කටයුතු කිරීමට සිදුවූයේ වාත රික්තයක් තුළ, ඒවගේම උෂ්ණත්වය ෆැරන්හයිට් 200ට වඩා වැඩි, පෘථිවියට වඩා හය ගුණයකින් අඩු ගුරුත්ව බලයක් තුළයි.” යනුවෙන් ඔහු විස්තර කළේ ය. “එම පරිසර තත්ත්වයන් පෘථිවිය තුළ පහසුවෙන් ඇතිකළ හැකි තත්ත්වයන් නොවේ.

එම නිසා අපගේ කුඩා ජල ටැංකිය කොපමණ වේලාවකට ප්‍රමාණවත් වේද යන්න ගැන අපට නිවැරදි දත්ත තිබුණේ නැහැ” යැයි ඔහු තවදුරටත් එය පැහැදිලි කළේ ය. එසේම සඳ මත සිදුකරන රූපවාහිනී පටිගත කිරීම පිළිබඳ ද ආරම්භයේ සිට ප්‍රශ්න තිබූ බව ඔහු පැවසීය. සඳමතට ගොඩ බට ආම්ස්ට්‍රෝන් ගේ පළමු රාජකාරියක් වූයේ ඒ මත වීඩියෝ කැමරාවක් නිවැරැදිව සවිකිරීමයි.

ඉන් අනතුරුව සඳමත සිදුකරන සෑම ක්‍රියාවලියක්ම එම වීඩියෝ කැමරාවේ පරාසය තුළ සිදුකිරීම නාසා ආයතනයේ පැහැදිලි අවශ්‍යතාවකි. එනිසා එතරම් විශාල වීඩියෝ පරාසයක් නොතිබූ කැමරාව මඟින්ද ඔවුන්ගේ සැරිසැරූ ඉඩ ප්‍රමාණය සීමාවූ බව ආම්ස්ටෙ‍්‍රීන් ගේ අදහසයි. එහෙත්, ඒ උපදෙස් වලට සියයට සියයක්ම අනුගත වීමට තමන්ට පවා නොහැකි වූ බව ඔහු විසින් පිළිගන්නා ලදී.

සමහර පාෂාණ තට්ටුවල නියැදි ලබාගැනීමට හා ඡායාරූප ලබාගැනීම සඳහා කැමරා පරාසයෙන් පිටට යාමට ඔහුට සිදු වී ඇත. එවන් අවස්ථාවක යමක් සිදුවුවහොත් උදව් ලබාගැනීම අවිනිශ්චිත කටයුත්කකි.

ඒ අනුව එය දැඩි අවදානමක් වූ බවත් තමා ලබාගත් තොරතුරු මඟින් ඊට වඩා ප්‍රතිලාභයක් ලැබෙනු ඇතැයි එහිදී තමන් බලාපොරොත්තු වූ බවත් ඔහු හෙළි කෙළේය. තමන් ගවේෂණය කර ඇත්තේ කුඩා භූ®මි ප්‍රදේශයක් බවත් තවත් වර්ග අඩි මිලියන 14ක් ගවේෂණය කිරීමට ඇතිබවත් ඔහු විසින් කියා තිබුණි.

නීල් ආම්ස්ට්‍රෝන් යනු ඔහුගේ සමීපතම සගයන් සමඟ වුවද සඳ ගමන පිළිබඳ කතාකිරීම ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙකි. එසේම සමරු සටහන් ලබාදීමද ඔහු විසින් සිදුනොකරන කටයුත්තකි.

එසේ රහසිගත ලෙස ජීවත් වූ ආම්ස්ට්‍රෝන්ගේ ඉහත පැහැදිලි කිරීම පිළිබඳ සංසන්දනාත්මකව සෑහීමකට පත්විය හැකි බව බහුතරයකගේ මතයයි.

W.D අමරදේව






1927 වර්ෂයේ දෙසැම්බර් පස් වන දින මොරටුවේදී මෙළොව එළිය දුටු, වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බර්ට් පෙරේරා, ප්‍රකට ගායන හා සංගීතඥකෙකු ලෙස ශ්‍රි ලංකාවේදී හදුනා ගනු ලබන්නේ ඔහුගේ ආරෝපිත නාමය වූ "අමරදේව" නමිනි. සිතාරය, තබ්ලාව, හාර්මෝනියම වැනි ශාස්ත්‍රීය සංගීට භාණ්ඩ එක්කොට ගනිමින්, සිංහල ජන සංගීතය සහ භාරත ජනමූල සංගීතය ස්වකීය නිර්මාණ විෂයට දායක කර ගනී. ලාංකීය ජන සංගීතයේ සංස්ථාපනය විමසා බැලීම සදහා 1950 මැදභාගයේදී සිය ජන ගායනා ව්යාපෘතිය වෙනුවෙන් "පණීභාරත, කිරිගනිතා, ගුණමලා, උක්කුවා සහ සුරඹා" වැනි උඩරට ශාස්ත්‍රීය නර්තන විශාරදයන්ගේ අනුදැනුම ලැබීය.එම සංගීත රටා එක් තනි තාලයක් වටා පමණක් ගෙතී ඇති බව හදුනා ගන්නා ඔහු, ඒවාට මධ්ය තාලයක් සදහා අනුගත වන පද මාලා එක් කිරීමට තීරණය කරයි.එහිදී එකල පැවැති ඇතැම් සීමා කිරීම් පසෙකලීමටද ඔහු පෙළඹෙයි.මේ අන්දමෙන් බාහිර තත්වයන්ගේද බලපෑම ලත්, සිංහල සංගීතයට අනන්ය වූ නියම ජන සංගීත සංස්කෘතියක් බිහිකරලීමට අමරදේව සමත්වෙයි. පසුව වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, සනත් නන්දසිරි වැනි කලා කරුවන් භාවිතයට යෙදුනු සරල ගී විශේෂය නිර්මාණය කිරීම සදහාද ඔහු ක්රියාකාරීව දායක වෙයි. පිලිපීන රේමන් මැග්සේසේ සම්මානය(2001), ඉන්දියානු පද්ම ශ්රී සම්මානය සහ ශ්රී ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානය (1986), මෙන්ම දේශමාන්ය සම්මානය(1998) ආදී සම්මාන රැසක් දිනා ගැනීමටද අමරදේව සමත් වෙයි.එමෙන්ම 1967, යුනෙස්කෝ මැනිලා සිම්පෝසියම සහ, "ගවුමි සලාම්" නම් වූ මාලදිවයින් ජාතික ගීය සදහා 1972 දී බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනගේ ආරාධනයෙන් යුතුව තනුව නිර්මාණයට දායක වීම ආදියෙන්, ඔහු ජාත්යන්තරය තුළ ලාංකේය අනන්යතාව සැළකොට සිටියේය.

ළමා කාලය සහ අධ්‍යාපනය

වඩු කාර්මිකයෙකු වූ වනක්කුවත්ත වඩුගේ දොන් ජිනෝරිස් පෙරේරා සහ බාලාපුවඩුගේ මැගී වෙස්ලිනා මෙන්ඩිස් යන මවුපිය යුවලට දාව, මොරටුව ප්රදේශයේදී අමරදේව උපත ලබන්නේ සත් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලම දරුවා ලෙසටයි.තම පියා බෞද්ධයෙකු වීමත් මව කතෝලික තැනැත්තියක් වීමත් නිසා බෞද්ධ හා කතෝලික හර පද්ධතීන් මිශ්ර වුණූ පවුලක ජීවත් වීමේ හැකියාව නිතැතින්ම අමරදේවට ලැබෙයි. අමරදෙව සංගීතය කෙරෙහි යොමු කරන්නේ මොරටුමුල්ල වඩු කාර්මික විද්යාලයේ වයලීන නිපදවන්නෙකු හා අලුත්වැඩියා කරන්නෙකු වූ ඔහුගේ පියා විසිනිඅමරදෙව, කුඩා කළ තම මවගේ ස්තොත්ර ගායන වලට හිතුමනාපයේ වයලීනයේ තත් හඩවන්නට පුරුදුව සිටියේය.ඔහුගේ වැඩිමහල් සොහොයුරා විසින් ඔහුට ඉන්දියානු ශාස්ත්රීය සංගීතය උගන්වනු ලැබීම අමරදෙවගේ සංගීත ජීවිතය ඔපවත් වීම සදහා පවුලෙන් ලද තවත් පිටුවහලක් විය. ඔහුට වයස අවුරුදු හතවන විත ජපන් ටින් වයලීනයක් පියාගෙන් ලද ත්යාගයක් වශයෙන් ඔහුට හිමිවේ. කෝරළවෙළ විහාරස්ථානයේ මාලාලංකාර නායක තෙර යටතේ ස්වකීය මූලික අධ්යාපනය ලබන අමරදේවයන්ගේ සංගීත ප්රතිභාවේ අපූර්වත්වය දුටුවන්, විහාරස්ථානයේ කවි හා ගාථා ගායනා කිරීම සදහා අමරදෙවයන් හට ආරාධනා කරයි.අනතුරුව තම ග්රාමයේ ගීතිකා කණ්ඩායමේ නායකත්වය දැරීමටද අමරදේවයන්ට හැකියාව ලැබෙයි. ශ්රී සද්ධර්මෝධය බෞද්ධ මිශ්ර පාසලට ඇතුළත් වී අධ්යාපනය ලබන අමරදේව, මොරටුව විද්යාලයෙන් පවත්වන ලැබූ කවි ගායනා තරගයකින් ජයග්රහණය ලබන්නේ මෙ අතරදීය.එසේම කොළඹ කලා සංගමය විසින් මෙහෙය වූ ගායනා තරගයකින් ජයග්රහණය ලැබීමට අමරදේවයන් නායකත්වය දැරූ පාසල් ගායක කණ්ඩායමට හැකියාව උදාවේ.මෙම ජයග්රහණ වලින් උද්දාමය ලද අමරදේවයන්ගේ පාසල් ගුරුවරු, ඔහුව ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගායක මඩුල්ලට ඇතුලත් කිරීමට ක්රියා කරයි. මේ අන්දමින් දක්ෂතා ප්රදර්ශනය කරන අමරදේව, 1945 වර්ෂයේදී ජන කලා මණ්ඩලය විසින් පවත්වන ලද ගායනා හා වයලීන වාදක තරගයකින් රන් පදක්කම දිනා ගැනීමට බුහුටි වෙයි. තම ප්රාථමික අධ්යාපනය නිමා කිරීමෙන් අනතුරුව ඉංග්රීසි භාෂාව සදහා ලද ශිෂ්යත්වයකින් පානදුර ශ්රී සුමංගල විද්යාලයට ඇතුළත් වීමේ හැකියාව අමරදේවයන්ට ලැබේ. එහිදී විදුහල්පති ඩැනිස්ටර් තෝමස් ෆර්නෑන්ඩෝ (ඩී.ටී. ෆර්නෑන්ඩෝ )මහතා සමග දැන හැදුනුම් කමක් ඇති කරගන්නා ඔහු, ඩී.ටී. ෆර්නෑන්ඩෝ මහතාගේ උපකාරීත්වයෙන් කළුතර විද්යාලයටත් ඉන් අනතුරුව, බලපිටිය සිද්ධාර්ථ විද්යාලයටත් ඇතුළත්ව අධ්යාපන ලැබීමේ අවස්ථාව උදා කර ගනියි. මෙකලදී "අශෝකමාලා" චිත්රපටයේ රූගත කිරීම් ඇරඹෙන අතර, මොරටුව ජෙරාඩ්.ජේ.පීරිස් නැමැත්තෙකු විසින් අමරදේවයන්ව එම චිත්රපටයේ සංගීතය මෙහෙය වූ, මොහොමඩ් ගවුස් මාස්ටර් වෙත හදුන්වා දෙනු ලබයි.අමරදේවයන්ගේ ශක්යතාවන් හදුනා ගන්නා ගවුස් මාස්ටර් විසින් තම වාදක මණ්ඩලයේ ප්රමුඛතම වයලීන වාදක ශිල්පියා බවට අමරදේව පත්කරනු ලබයි.. ඩී.ටී. ෆර්නෑන්ඩෝ පවසන අන්දමට, ඔහුගේ සහොදරයා වූ කෝරළවෙළ පාසලේ සංගීට ගුරුවරයා වශයෙන් සේවය කළ ඩ්බ්.ජේ.ෆර්නෑන්ඩෝ විසින් අමරදේවගේ දක්ෂතාවන් හදුනා ගනු ලබයි.අමරදේව පාසලේදී වයලීන වාදන සම්භන්දයෙන් දක්වන බුහුටි බව ඔහුගේ නිරීක්ෂණයට ලක්වේ. පසුව අමරදේවගේ පියා ඔහුට වයලීනයක් තනා දෙන අතර, ඔහු පියා යටතේ වයලීන වාදනය හදාරනු ලබයි. ඔහු පසුව අශෝකමාලා චිත්රපටය සදහා මොහොමඩ් ගවුස් වෙත හදුන්වාදීම සිදුවන්නේ, ඩී.ටී.ෆර්නෑන්ඩෝ මහතාගේ උපකාර ඇතුව ඉගෙනීමේ කටයුතු සදහා අමරදේව කළුතර බලා යාමෙන් වසර කිහිපයකට පසුවය.අශෝකමාලා චිත්රපටයේ පද රච්කයා වශයෙන් කටයුතු කරන්නේ ඩී.ටී. ෆර්නෑන්ඩෝ මහතා වන අතර, ඔහු චිත්රපටයේ අධ්යක්ෂකවරයා වූ ශාන්තිකුමාර් සෙනෙවිරත්න මහතා සමග ඇති කරගෙන තිබූ දැඩි මිත්රත්වය මේ සදහා පිටුවහලක් වෙයි.තම උසස් අධ්යාපන කටයුතු සදහා 1950 වර්ෂයේ මැද භාගයේදී ඉන්දියාවේ ලක්නවු නුවර භාත්ඛණ්ඩේ සංගීත අධ්යනායතනයට ඇතුළත් වෙයි. අමරදේව ලංකාවට පැමිණිපසු දිනක් කළුතර සිට කොළඹ බලා ධාවනය වන බසයකට මොරටුවේදී ගොඩ වැදෙන අමරදේවයන්ට, බසයේ සිටින ඩී.ටී.ෆර්නෑන්ඩෝ මහතා මුණගැසෙන අතර එහිදී තමා සදහා පද්ය රචනා කර දෙන ලෙසට අමරදේවයන් ඉල්ලා සිටියි.මෙහිදී බසය ධාවනය වන අතර ඩී.ටී.ෆර්නෑන්ඩෝ මහතා විසින් "පීනමුකෝ කළුගගේ" ගීටය රචනා කරන අතර, ඔහුට ගීතයේ අවසාන කොටස ගායනා කිරීමට නොහැකි වන්නේ බම්බලපිටිය ප්රදේශයේදී බසයෙන් බැසයාමට අමරදේවයන්ට සිදුවීම නිසයි. . තම ඉගෙනීමේ කටයුතු අහවර කරන අමරදේව මොහොමඩ් ගවුස් සමග එක්ව, චිත්රපටයක වැඩසදහා ඉන්දියාව බලා යයි."ඇයි යමෙකු කලේ ආලේ" ගීතය සදහා ගායනයෙන් ,නර්තනයෙන් හා රංගනයෙන් යන ත්රිවිද අංශයෙන්ම දායක වීමට අමරදේව මෙහිදී සමත් වෙයි.