“මිනිසකුගේ කුඩා පියවරක් වූ මෙය, මිනිස් වර්ගයාගේම දැවැන්ත පිම්මක් ! ඒ වසර 1969 දී ඇපලෝ IIයානය මඟින් හඳ මතට පළමුවෙන්ම ගොඩ බට නීල් ආම්ස්ට්‍රෝන් ඒ මොහොතේ මුදා හළ වදන්පෙළයි.
එහෙත්, එදා පටන් පැහැදිලි පිළිතුරක් නොලද ප්‍රශ්නයක් මහජනයා සන්තකයේ විය. එනම් මෙතරම් මුදලක් වියදම් කරමින්, මෙතරම් දුරක් ගමන් කරමින් සිදු කළ දැවැන්ත චාරිකාවේදී සඳේ ඉතා කුඩා බිම් පෙදෙසක පමණක් සැරිසැරුවේ ඇයි ද? යන්නයි. දැනට 80 හැවිරිදි වියේ පසුවන නීල් ආම්ස්ට්‍රෝන් සිය වසර ගණනක නිහැඩියාව බිඳීමින් වෙබ් අඩවියක් ඔස්සේ ඉකුත්දා ඉහත ප්‍රශ්නයට පිළිතුරු සපයා තිබුණි.
මෑතකදී මේ ප්‍රශ්නය නැවත කරළියට ඒමට හේතුව විද්‍යාත්මක වෙබ් අඩවි සටහන් කුරුවකු වන රොබට් ක්රුල්විච් (Robert krulwich) විසින් නගන ලද ප්‍රශ්නයකි. එමගින් ඔහු පවසා තිබුණේ, පළමු සඳ ගවේෂකයින් ආවරණය කරන ලද ප්‍රදේශය පාපන්දු ක්‍රීඩා පිටියකට ඉතා ආසන්න භූ®මි ප්‍රමාණයක් බවයි.
තවද ඔවුන්ගේ පිම්ම ඉතා දැවැන්ත වුවත් ගවේෂණය කළ භූ®මි ප්‍රමාණය ඉතාමත් කුඩා බවද ඔහු එහි සටහන් කර තිබුණි.
කෙසේ වෙතත් නීල් ආම්ස්ට්‍රෝන්ට අනුව ඒ් සඳහා කරුණු ගණාවක්ම හේතුවී ඇත. එයට එකම හේතුව වතුර මඟින් සිසිලනය කරන ලද ඔවුන්ගේ අභ්‍යවකාශ ඇඳුම ගැන තිබූ දෙගිඩියාව නොවන බවද ඔහු අවධාරණය කර තිබුණි.
අපට කටයුතු කිරීමට සිදුවූයේ වාත රික්තයක් තුළ, ඒවගේම උෂ්ණත්වය ෆැරන්හයිට් 200ට වඩා වැඩි, පෘථිවියට වඩා හය ගුණයකින් අඩු ගුරුත්ව බලයක් තුළයි.” යනුවෙන් ඔහු විස්තර කළේ ය. “එම පරිසර තත්ත්වයන් පෘථිවිය තුළ පහසුවෙන් ඇතිකළ හැකි තත්ත්වයන් නොවේ.
එම නිසා අපගේ කුඩා ජල ටැංකිය කොපමණ වේලාවකට ප්‍රමාණවත් වේද යන්න ගැන අපට නිවැරදි දත්ත තිබුණේ නැහැ” යැයි ඔහු තවදුරටත් එය පැහැදිලි කළේ ය. එසේම සඳ මත සිදුකරන රූපවාහිනී පටිගත කිරීම පිළිබඳ ද ආරම්භයේ සිට ප්‍රශ්න තිබූ බව ඔහු පැවසීය. සඳමතට ගොඩ බට ආම්ස්ට්‍රෝන් ගේ පළමු රාජකාරියක් වූයේ ඒ මත වීඩියෝ කැමරාවක් නිවැරැදිව සවිකිරීමයි.
ඉන් අනතුරුව සඳමත සිදුකරන සෑම ක්‍රියාවලියක්ම එම වීඩියෝ කැමරාවේ පරාසය තුළ සිදුකිරීම නාසා ආයතනයේ පැහැදිලි අවශ්‍යතාවකි. එනිසා එතරම් විශාල වීඩියෝ පරාසයක් නොතිබූ කැමරාව මඟින්ද ඔවුන්ගේ සැරිසැරූ ඉඩ ප්‍රමාණය සීමාවූ බව ආම්ස්ටේරීන් ගේ අදහසයි. එහෙත්, ඒ උපදෙස් වලට සියයට සියයක්ම අනුගත වීමට තමන්ට පවා නොහැකි වූ බව ඔහු විසින් පිළිගන්නා ලදී.
සමහර පාෂාණ තට්ටුවල නියැදි ලබාගැනීමට හා ඡායාරූප ලබාගැනීම සඳහා කැමරා පරාසයෙන් පිටට යාමට ඔහුට සිදු වී ඇත. එවන් අවස්ථාවක යමක් සිදුවුවහොත් උදව් ලබාගැනීම අවිනිශ්චිත කටයුත්කකි.
ඒ අනුව එය දැඩි අවදානමක් වූ බවත් තමා ලබාගත් තොරතුරු මඟින් ඊට වඩා ප්‍රතිලාභයක් ලැබෙනු ඇතැයි එහිදී තමන් බලාපොරොත්තු වූ බවත් ඔහු හෙළි කෙළේය. තමන් ගවේෂණය කර ඇත්තේ කුඩා භූ®මි ප්‍රදේශයක් බවත් තවත් වර්ග අඩි මිලියන 14ක් ගවේෂණය කිරීමට ඇතිබවත් ඔහු විසින් කියා තිබුණි.
නීල් ආම්ස්ට්‍රෝන් යනු ඔහුගේ සමීපතම සගයන් සමඟ වුවද සඳ ගමන පිළිබඳ කතාකිරීම ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙකි. එසේම සමරු සටහන් ලබාදීමද ඔහු විසින් සිදුනොකරන කටයුත්තකි.
එසේ රහසිගත ලෙස ජීවත් වූ ආම්ස්ට්‍රෝන්ගේ ඉහත පැහැදිලි කිරීම පිළිබඳ සංසන්දනාත්මකව සෑහීමකට පත්විය හැකි බව බහුතරයකගේ මතයයි.
No comments:
Post a Comment