malsri
Sunday, April 15, 2012
අවුරුද්ද....................
ඉස්සර බැංකු අව්රුද්දට වසා තිබුණි.
දැන් ගනු දෙනු සඳහා ඒ අයාතන අලුත් අවුරුද්ද උදා වී ගනුදෙනු කිරිමේ වේලාවට විවෘතය.
එක අතකට මෙය හොඳය අවුරුද්දට කලින් ATM මැෂින් වලින් ගත් තමා ඉපයූ සල්ලි මිටි ටික දවස් දෙක තුනක් තමුන් ලඟ තබා ගැනිම වාසනා ගුනයක් යැයි සිතේ.
තව අතකට අවුරුද්දක් පමණක් පාවිච්ච කල හැකි ඔරලෝසුව මාරු කරගන්නා දිනයයි.
අවුරුදු සහ බැංකු එතනින් ඉවරය.
වෙනත් කතාව නම් මගේ මොළ ගෙඩියට කම්පනා වූ අමු පට්ට සිතුවිල්ලකි.
බැංකු නඩත්තු කරන්නේ අපිය. සල්ලි දමන්නේ අපිය.
ඉතින් අපිට ඒවහි තිරණ වලට බලපෑම් කරන්නට නොහැක්කේ මන්ද.
එක එක කාලවල් වලට එක එක වැඩ සඳහා බැංකු අනුග්‍රහකත්වය දක්වයි.
දෙයියනේ මේවා කෝටි ගනං සල්ලිය. අපිට තුට්ටු දෙකේ පොළියක් දී නිකරුනේ සල්ලි නාස්ති කරයි.
අපේ සල්ලි වලින් උන්ට ඕන තිරණ ගනියි.
මං අහන්නේ නිකමටවත් අපිට යෝජනවාක් ඉදිරිපත් කරන්නට බැරිද? අඩු තරමේ අපේ දෙයකට ස්පොන්සර් සිප් එකක් ගන්නට බැරිද. අපේ සල්ලි ටික උන් ලඟ දමා උන්ට ඕනා දේවල් වලට ඒවා වියදම් කරන හැටි අපි දැක බලා (දුක්) සතුටු වෙමු. හැමදාම මේවා බලා සිටය හැකිද. අපේ අයිතිය අපි ලබාගන්නේ කෙසේද?
අදම බැංකුවෙන් සල්ලිට ටික උස්සන් එන්න හිතෙන්නේ මේ විටය. කරුමයක මහත වෙන එකෙක් මට උඩින් සල්ලි දමා ඇත.
ඉතින් මගේ සල්ලි ගැනීමට උගේ සල්ලි ඉවත් කර ගතයුතුය.
ඌව දැනුවත් කර සල්ලි ටික ගන්නා ලෙස බොහෝ දැනුවත් කළ යුතුය.
ඒ සඳහා ලීෆ්ලට් ගැසිය යුතුය පොස්ටර් දෙක තුනක් ඇලවිය යුතුය. ඊට අමතරව අතුරුදහන් වීමට එකෙකුද සෙවිය යුතුය.
ඇත්තටම බැංකුවට බලපෑම් කල නොහැකිද? නිකමට හරි අපි සල්ලි දැම්මේ නැත්නම් උන්ට හුලං බව උන් දැන ගතයුතුය. ඊටත් වඩා මේ බැංකු බොහොමයක් ණය දෙන්නේ තඩි පොලු කාරයින්ටය, අපිට ණයක් ගැනිමට දහසක් තැන් වල අත්සන් කර තව අඳුනන එවුන්ගේද සාක්ෂි දිය යුතුයි.
ඉතින් දෙයියනේ අපි දාන සල්ලි වලට මුන් හොඳ පොළියක්වත් නොදෙන එකේ අපේ තිරණ ඒක ඇතුලට දාලා බලන්නට චෑන්ස් එකක් ඇත්තේම නැද්ද?
Thursday, April 5, 2012
Thursday, March 22, 2012
ප්‍රවේසම් වන්න ............................
වීදුරු ගෙවල්වල වෙසෙන පිරිස් අනුන්ට ගල්ගැසීමට ප්‍රථම වඩා ප්‍රවේශම් සහගත විය යුතු බව ශ්‍රී ලංකාවේ නියෝජනය කරමින් ජිනීවා සමුළුවට සහභාගී වී සිටින අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 19 වන සැසිවාරයට ශ්‍රී ලංකාවට අදාළව අමෙරිකා එක්සත් ජනපදය විසින් ගෙන එන ලද යෝජනාවට පසු අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ශ්‍රී ලංකාව මෙම යෝජනාව පිළිනොගන්නා බවත්,එය ජගත් මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රතිපත්තිවලට පටහැණි බවත් අමාත්‍යවරයා චෝදනා කළා.
වෛද්‍යවරුනේ ප්‍රථමයෙන් තමාවම සුවපත් කරගන්නැයි ඉල්ලා සිටිමින් අමාත්‍යවරයා ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය නිල ප්‍රතිචාරය අවසන් කල බව සදහන්.
එසේ වුවද අනතුරුව ශ්‍රී ලංකාවට අදාළව ගෙන ආ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමක් සිදු කළ අතර එහිදී වැඩි ඡන්ද 9 න් 19 වන ජගත් මානව හිමිකම් සමුළුවේ යෝජනාව සභා සම්මත වුනා..
අසල්වැසි ඉන්දියාවද ඇතුළු රටවල් 24 ක් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර රටවල් 15 ක් යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකාවට සහය දක්වමින් ඡන්දය ප්‍රකාශ කරා.
එහෙත් රටවල් 8 ක් පමණක් මෙම අවස්ථාවේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.
2012.03.23
යෝජනාව සම්මතයි.....................
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව ඡන්ද 24 ක් හිමි වී තිබෙනවා.
යෝජනාවට විපක්ෂව ඡන්දය භාවිත කළ රටවල් සංඛ්‍යාව15 ක්
ඒ අතර තවත් රටවල් 08 ක් ඡන්දය භාවිත කිරීමෙන් වැලකී සිටියා.
චීනය, බංගලාදේශය, රුසියාව, තායිලන්තය, ඉක්වදෝරය, කිරිගිස්ථාන, කියුබාව, පිලිපීනය,උගන්ඩාව, මාලදිවයින හා ඉන්දුනිසියාව ශ්‍රී ලංකාවට පක්ෂය ඡන්දය භාවිත කළා.
යුරෝපා සංගමය , උරුගුවේ රාජ්‍යය, මෙක්සිකෝව හා නයිජිරියාව ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය භාවිත කර තිබෙනවා.
2012.03.23
Wednesday, March 21, 2012
ඇමරිකාවේ කුමන්ත්‍රණය.......................
ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කළ යෝජනාව වහාම ඉවත් කර ගන්නැයි ලෝකයේ රටවල් රැසක් අමෙරිකා එක්සත් ජනපද රජයට දැනුම් දී තිබෙනවා.
එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත සංවිධානයේ සැහැසි ක්‍රියාකාරකම් අමතක කොට ශ්‍රී ලංකා රජයට පමණක් චෝදනා කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව අන්තර් ජාතික ප්‍රජාවගේ අදහස වී ඇතැයි ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ කේ. ඩී රාජසිංහම් මහතා සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වූ බව පවසමින් බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව තවත් වීඩියෝ පටයක් විකාශය කර තිබෙන අතර එහි සැලකිය යුතු යමක් නොමැති බවද වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ පුත් බාලචන්ද්‍රන් වෙඩි තබා මරා දමන ව්‍යාජ දර්ශනයක් ඊට අන්තර්ගත කර තිබෙන බවද හෙතෙම පෙන්වා දෙනවා.
ජාත්‍යන්තර මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
බාලචන්ද්‍රන් නමැත්තා මරා දැමූ බවට පළ කළ දර්ශන 2009 වසරේ සිට විකාශනය කළ බව පෙන්වා දෙන ඒ මහතා කොටි ත්‍රස්තවාදීන් විසින් වයස අවුරුදු 12 ට අඩු ළමුන් දහස් ගණනින් මරා දැමූ බවත් මෙම ඊනියා සාමවාදීන් ඒ සම්බන්ධයෙන් කනගාටුව හෝ පළ නොකළ බවත් සඳහන් කර තිබෙනවා.
තවද බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව මඟින් ඒ පිළිබඳව කිසිවක් අන්තර්ගත කර නොමැති බවද හෙතෙම කියාසිටියා.
මෙවැනි දර්ශනයන්ගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි ප්‍රශ්න කරන රාජසිංහම් මහතා මේ මඟින් බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව කොටි ත්‍රස්තවාදීන්ට සුදු හුණු ගෑමක් බවද සඳහන් කරයි. ඊට අමතරව ඒ මහතා පෙන්වා දෙන්නේ බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාවේ අරමුණ වී තිබෙන්නේ බාලචන්ද්‍රන්ගේ ඝාතනය ශ්‍රී ලංකා රජය වෙත පැවරීමට ගන්නා උත්සාහයක් බවයි.
මේ අතර එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් සිවිල් වැසියන් 30000 ත් 40000 ත් අතර ප්‍රමාණයක් ඝාතනය කළ බව පෙන්වා දෙන රාජසිංහම් මහතා තමාගේ තක්සේරුවට අනුව ඉන්දීය සාම සාධක හමුදාව සහ ශ්‍රී ලංකා රජයේ හමුදාව අතින් ඝාතනයට ලක්වූ පිරිස මෙන් දෙගුණයටත් වඩා වැඩි පිරිසක් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් අතින් මරුමුවට පත්වූ බවද කියාසිටියා.
2012.03.22
ඇන්ටන් ජූඞ් මියගියා.........................
වේදිකාවේ, සිනමාවේ සහ ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රසිද්ධ නළුවකු වූ ඇන්ටන් ජූඞ් මහතා මියගියා.
හෘදයාබාදයක් වැළඳී රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අද අලුයම ඔහු මරණයට පත් වුනා.
1960 නොවැම්බර් 28 වෙනි දින රත්මලාන වලව්වත්තේ උපන් ඇන්ටන් ජුඩ් වේදිකා නාට්‍ය තුළින් රංගන කරළියට පිවිසියා.
මිය යන විට 52 වියෙහි පසු වු ඒ මහතා සකිසඳ එළියස් ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්ෂක සිත් වැළඳ ගත්තා.
චරිතාංග නළුවකු වු ඇන්ටන් ජූඩ් නම් මේ රංගන ශිල්පියා වේදිකාව තුළ ප්‍රාසාංගික කලාවට වෙනසක් එක් කළ අතර සිකුරු හතේ . සාරංගා නැවෙන් ඇවිත්. යන නිර්මාණ ඔහුගේ රංගන හැකියාවට සදා අමරණිය නාමයක් එක් කළා.
2012.03.22
මව්බිමට එරෙහි දෙස් විදෙස් කුමන්ත්‍රණ පරාජයට දිවයිනේ නන්දෙසින් විරෝදතා.........................
මව්බිමට එරෙහි දෙස් විදෙස් කුමන්ත්‍රණ පරාජය කිරීමේ අරමුණින් සංවිධානය කෙරුණු තවත් විරෝධතාවක් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල අභියස අද පස්වරුවේ පැවැත්වුනා.
රාජ්‍ය හා පෞද්ගලික ආයතන කිහිපයක සේවක සේවිකාවන් එක්ව එය සංවිධානය කර තිබුනා.
ඊට විශාල පිරිසක් එක්ව සිටි බව වාර්තා වනවා.
මේ අතර සුරකිමු ලංකා සංකල්පය ශ්‍රී ලංකාවේ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරි කාර්යාලය දක්වා ද විරෝධතා පාගමනක නිරතවුනා.
බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ වූ පාගමන බ්‍රිතාන්‍ය මහකොමසාරි කාර්යාලය දක්වා පැමිණියත් බෞද්ධාලෝක මාවතේදී ඊට පොලීසියෙන් බාධා එල්ල වුනා.
පසුව මහකොමසාරිස් කාර්යාලයට පැමිණ සංදේශයක් භාර දීමට එහි සාමාජිකයින් දෙදෙනෙකුට අවස්ථාව හිමිවුනා.
මේ අතර කොටුව දුම්රියපල ඉදිරිපිටට රැස්වු මාධ්‍යවේදීන් පිරිසක් ද අද උද්ඝෝෂණයක නිරත වුනා.
එය නම් කර තිබුණේ, ජිනීවා අභියෝගයට එරෙහි මාධ්‍ය අත්වැල ලෙසයි.
එහිදී චැනල් ෆෝ මාධ්‍ය භාවිතයටද මාධ්‍යවේදීන් එහිදී විරෝධය පල කර සිටියා.
2012.03.21
රාජ්‍ය හා පෞද්ගලික ආයතන කිහිපයක සේවක සේවිකාවන් එක්ව එය සංවිධානය කර තිබුනා.
ඊට විශාල පිරිසක් එක්ව සිටි බව වාර්තා වනවා.
මේ අතර සුරකිමු ලංකා සංකල්පය ශ්‍රී ලංකාවේ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරි කාර්යාලය දක්වා ද විරෝධතා පාගමනක නිරතවුනා.
බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ වූ පාගමන බ්‍රිතාන්‍ය මහකොමසාරි කාර්යාලය දක්වා පැමිණියත් බෞද්ධාලෝක මාවතේදී ඊට පොලීසියෙන් බාධා එල්ල වුනා.
පසුව මහකොමසාරිස් කාර්යාලයට පැමිණ සංදේශයක් භාර දීමට එහි සාමාජිකයින් දෙදෙනෙකුට අවස්ථාව හිමිවුනා.
මේ අතර කොටුව දුම්රියපල ඉදිරිපිටට රැස්වු මාධ්‍යවේදීන් පිරිසක් ද අද උද්ඝෝෂණයක නිරත වුනා.
එය නම් කර තිබුණේ, ජිනීවා අභියෝගයට එරෙහි මාධ්‍ය අත්වැල ලෙසයි.
එහිදී චැනල් ෆෝ මාධ්‍ය භාවිතයටද මාධ්‍යවේදීන් එහිදී විරෝධය පල කර සිටියා.
2012.03.21
Subscribe to:
Posts (Atom)