Pages

Wednesday, March 21, 2012

ඇන්ටන් ජූඞ් මියගියා.........................




වේදිකාවේ, සිනමාවේ සහ ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රසිද්ධ නළුවකු වූ ඇන්ටන් ජූඞ් මහතා මියගියා.
හෘදයාබාදයක් වැළඳී රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අද අලුයම ඔහු මරණයට පත් වුනා.
1960 නොවැම්බර් 28 වෙනි දින රත්මලාන වලව්වත්තේ උපන් ඇන්ටන් ජුඩ් වේදිකා නාට්‍ය තුළින් රංගන කරළියට පිවිසියා.
මිය යන විට 52 වියෙහි පසු වු ඒ මහතා සකිසඳ එළියස් ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්ෂක සිත් වැළඳ ගත්තා.
චරිතාංග නළුවකු වු ඇන්ටන් ජූඩ් නම් මේ රංගන ශිල්පියා වේදිකාව තුළ ප්‍රාසාංගික කලාවට වෙනසක් එක් කළ අතර සිකුරු හතේ . සාරංගා නැවෙන් ඇවිත්. යන නිර්මාණ ඔහුගේ රංගන හැකියාවට සදා අමරණිය නාමයක් එක් කළා.

2012.03.22

No comments:

Post a Comment