Pages

Thursday, March 15, 2012

එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පුත්‍රයාගේ බවට පසුගියදා ප්‍රචාරය වූ ඡායාරූප පරිගණක තාක්ෂණය ඇසුරින් සකස් කරන ලද විකෘති ඒවා බව පැහැදිලි වී ඇතැයි වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.

එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පුත්‍රයාගේ බවට පසුගියදා ප්‍රචාරය වූ ඡායාරූප පරිගණක තාක්ෂණය ඇසුරින් සකස් කරන ලද විකෘති ඒවා බව පැහැදිලි වී ඇතැයි වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.


"විශේෂයෙන්ම අපේ තානාපතිවරයා ඉන්දියානු මහකොමසාරිස්වරයා ප්‍රසාද් කාරියවසම් මහත්මා ඉතාමත්ම පැහැදිලිව එතුමා සදහන් කළා අර පින්තූරයක් අලලලා ප්‍රභාකරන් මහත්මාගේ පුතනුවන්ගේ කියලා පින්තූරයක් පුවත්පත්වල හා ඒ ප්‍රචාරය කරපු ආකාරය පිළිබඳ එතුමාගේ මේ පරිගණක තාක්ෂණ මෘදුකාංග යොදා ගනිමින් විකෘති කරන ලද නිර්මාණ කරන ලද වීඩියෝ පටියක් කියලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ජිනීවා සමුළුව ඉල්ලක කොට මේ අපි අපහසුතාවට පත් කරන්න ගොතපු එකක් හැටියට එතුමා එතුමාගේ ප්‍රකාශය හා එතුමා පැහැදිලි කිරිම ඉතාමත් හොදින් පැහැදිලි කිරිමක් කරලා තියෙනවා. මොකද මේ අපිට තේරුම්ගත යුතු එක දෙයක් තමයි මේ 23වෙනිදා ඉලක්ක කරගෙන තමයි මේ වැඩසටහන් තුන හතරම ක්‍රියාත්මක වුණේ. ඒකෙන් පේන්නේ රට ඉලක්ක කරගෙන මේක සංවිධානය කරලා එවලා තියෙන්නේ"

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව තොරතුරු සැපයීම සදහා විදේශයක සිට පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු පිළිබඳව ද අමාත්‍යවරයා හෙලිදරව්වක් කලා.

"මේක රටේ ප්‍රශ්නයක්. සමහර මන්ත්‍රීවරු විරුද්ධ පක්ෂයේ මේ වනවිට ගිහිල්ලා වෙනම කතා කරන මන්ත්‍රීවරු ඉන්නවා. රටට ඉතින් හතරදෙනෙක් දැනට ඇවිල්ලා තියෙනවා. අපි ආරක්ෂක අංශ කියන අන්දමට හතර දෙනාට ඒ තොරතුරු සපයන්නේ විරුද්ධ පක්ෂයේ ප්‍රධාන මන්ත්‍රීවරු දෙදෙනෙක් මේක සාධාරණද කොච්චර දුරද ඔවුන් ගිහිල්ලා හම්බවෙලා තියෙනවා සමහර තැන්වල. විශේෂයෙන්ම යූ.එන්.එක පැත්තෙන් ආපු නියෝජිතයෝ හතරදෙනෙකු ඉන්නවා මේ තොරතුරු සොයන්න"

No comments:

Post a Comment