Pages

Wednesday, March 21, 2012

මව්බිමට එරෙහි දෙස් විදෙස් කුමන්ත්‍රණ පරාජයට දිවයිනේ නන්දෙසින් විරෝදතා.........................

මව්බිමට එරෙහි දෙස් විදෙස් කුමන්ත්‍රණ පරාජය කිරීමේ අරමුණින් සංවිධානය කෙරුණු තවත් විරෝධතාවක් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල අභියස අද පස්වරුවේ පැවැත්වුනා.

රාජ්‍ය හා පෞද්ගලික ආයතන කිහිපයක සේවක සේවිකාවන් එක්ව එය සංවිධානය කර තිබුනා.

ඊට විශාල පිරිසක් එක්ව සිටි බව වාර්තා වනවා.

මේ අතර සුරකිමු ලංකා සංකල්පය ශ්‍රී ලංකාවේ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරි කාර්යාලය දක්වා ද විරෝධතා පාගමනක නිරතවුනා.

බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ වූ පාගමන බ්‍රිතාන්‍ය මහකොමසාරි කාර්යාලය දක්වා පැමිණියත් බෞද්ධාලෝක මාවතේදී ඊට පොලීසියෙන් බාධා එල්ල වුනා.

පසුව මහකොමසාරිස් කාර්යාලයට පැමිණ සංදේශයක් භාර දීමට එහි සාමාජිකයින් දෙදෙනෙකුට අවස්ථාව හිමිවුනා.

මේ අතර කොටුව දුම්රියපල ඉදිරිපිටට රැස්වු මාධ්‍යවේදීන් පිරිසක් ද අද උද්ඝෝෂණයක නිරත වුනා.

එය නම් කර තිබුණේ, ජිනීවා අභියෝගයට එරෙහි මාධ්‍ය අත්වැල ලෙසයි.

එහිදී චැනල් ෆෝ මාධ්‍ය භාවිතයටද මාධ්‍යවේදීන් එහිදී විරෝධය පල කර සිටියා.


2012.03.21

No comments:

Post a Comment