Pages

Thursday, March 22, 2012

ප්‍රවේසම් වන්න ............................






වීදුරු ගෙවල්වල වෙසෙන පිරිස් අනුන්ට ගල්ගැසීමට ප්‍රථම වඩා ප්‍රවේශම් සහගත විය යුතු බව ශ්‍රී ලංකාවේ නියෝජනය කරමින් ජිනීවා සමුළුවට සහභාගී වී සිටින අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා.

‍එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 19 වන සැසිවාරයට ශ්‍රී ලංකාව‍ට අදාළව අමෙරිකා එක්සත් ජනපදය විසින් ගෙන එන ලද යෝජනාවට පසු අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකාව මෙම යෝජනාව පිළිනොගන්නා බවත්,එය ජගත් මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රතිපත්තිවලට පටහැණි බවත් අමාත්‍යවරයා චෝදනා කළා.

වෛද්‍යවරුනේ ප්‍රථමයෙන් තමාවම සුවපත් කරගන්නැයි ඉල්ලා සිටිමින් අමාත්‍යවරයා ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය නිල ප්‍රතිචාරය අවසන් කල බව සදහන්.

එසේ වුවද අනතුරුව ශ්‍රී ලංකාවට අදාළව ගෙන ආ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමක් සිදු කළ අතර එහිදී වැඩි ඡන්ද 9 න් 19 වන ජගත් මානව හිමිකම් සමුළුවේ යෝජනාව සභා සම්මත වුනා..

අසල්වැසි ඉන්දියාවද ඇතුළු රටවල් 24 ක් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර රටවල් 15 ක් යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකාවට සහය දක්වමින් ඡන්දය ප්‍රකාශ කරා.
එහෙත් රටවල් 8 ක් පමණක් මෙම අවස්ථාවේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.


2012.03.23

No comments:

Post a Comment