Pages

Wednesday, March 21, 2012

ඇමරිකාවේ කුමන්ත්‍රණය.......................






ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කළ යෝජනාව වහාම ඉවත් කර ගන්නැයි ලෝකයේ රටවල් රැසක් අමෙරිකා එක්සත් ජනපද රජයට දැනුම් දී තිබෙනවා.

එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත සංවිධානයේ සැහැසි ක්‍රියාකාරකම් අමතක කොට ශ්‍රී ලංකා රජයට පමණක් චෝදනා කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව අන්තර් ජාතික ප්‍රජාවගේ අදහස වී ඇතැයි ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ කේ. ඩී රාජසිංහම් මහතා සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වූ බව පවසමින් බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව තවත් වීඩියෝ පටයක් විකාශය කර තිබෙන අතර එහි සැලකිය යුතු යමක් නොමැති බවද වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ පුත් බාලචන්ද්‍රන් වෙඩි තබා මරා දමන ව්‍යාජ දර්ශනයක් ඊට අන්තර්ගත කර තිබෙන බවද හෙතෙම පෙන්වා දෙනවා.

ජාත්‍යන්තර මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

බාලචන්ද්‍රන් නමැත්තා මරා දැමූ බවට පළ කළ දර්ශන 2009 වසරේ සිට විකාශනය කළ බව පෙන්වා දෙන ඒ මහතා කොටි ත්‍රස්තවාදීන් විසින් වයස අවුරුදු 12 ට අඩු ළමුන් දහස් ගණනින් මරා දැමූ බවත් මෙම ඊනියා සාමවාදීන් ඒ සම්බන්ධයෙන් කනගාටුව හෝ පළ නොකළ බවත් සඳහන් කර තිබෙනවා.

තවද බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව මඟින් ඒ පිළිබඳව කිසිවක් අන්තර්ගත කර නොමැති බවද හෙතෙම කියාසිටියා.

මෙවැනි දර්ශනයන්ගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි ප්‍රශ්න කරන රාජසිංහම් මහතා මේ මඟින් බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව කොටි ත්‍රස්තවාදීන්ට සුදු හුණු ගෑමක් බවද සඳහන් කරයි. ඊට අමතරව ඒ මහතා පෙන්වා දෙන්නේ බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාවේ අරමුණ වී තිබෙන්නේ බාලචන්ද්‍රන්ගේ ඝාතනය ශ්‍රී ලංකා රජය වෙත පැවරීමට ගන්නා උත්සාහයක් බවයි.

මේ අතර එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් සිවිල් වැසියන් 30000 ත් 40000 ත් අතර ප්‍රමාණයක් ඝාතනය කළ බව පෙන්වා දෙන රාජසිංහම් මහතා තමාගේ තක්සේරුවට අනුව ඉන්දීය සාම සාධක හමුදාව සහ ශ්‍රී ලංකා රජයේ හමුදාව අතින් ඝාතනයට ලක්වූ පිරිස මෙන් දෙගුණයටත් වඩා වැඩි පිරිසක් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් අතින් මරුමුවට පත්වූ බවද කියාසිටියා.


2012.03.22

No comments:

Post a Comment