Pages

Thursday, March 8, 2012

මහේල කියයි........................

තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදි කණ්ඩායමක් ලෙස හොදින් ක්‍රීඩා කිරිමට හැකි වූ බව, ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසනවා.


ඔහු මේ අදහස් පළ කළේ, තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තෙවන අවසන් තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී.

ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදි පැවති එම තරගයේදි ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව හමුවේ ලකුණු 16කින් පරාජයට පත්වුනා.

මාධ්‍ය හමුවේදි මහේල මෙසේ කියා සිටියා.

"අපි හොදින් ක්‍රීඩා කළා කණ්ඩායමක් විදිහට. ඒ වගේම අපිට හොද සැලැස්මක් තිබුණා. කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයින් හොදින් දක්ෂතා පෙන්වුවා. මෙය තරමක් අභියෝගාත්මක තරගාවලියක් වුණත් මෙම තරග සංචාරය ඉතා සාර්ථක තරග සංචාරයක් වුණා. එය ජයග්‍රහණය කිරිමට හැකි වුණානම් සතුටු වෙනවා. ක්‍රීඩකයින්ගේ දක්ෂතා පිළිබඳව මම සතුටු වෙනවා. තරගාවලිය පුරාම පීඩනයක් තිබුණ ද අපි එම තත්ත්වයට හොදින් මුහුණ දුන්නා. ඒ සියලු දේ පිළිබඳව මම සතුටු වෙනවා. ඔස්ට්‍රේලියා කණ්ඩායම හොදින් තරගාවලියට මුහුණ දුන්නා. මෙය කණ්ඩායමක් නිරතවන ක්‍රීඩාවක් හැමෝටම තරගය පිළිබඳව වගකිමක් තියෙනවා. ඩිල්ෂාන් හොදින් ක්‍රීඩා කළා. තරගාවලිය පුරාම කුමාර් සංගක්කාර ලකුණු අතර සිටියා. දිනේෂ් චන්දිමාල් තරගාවලිය සාර්ථක කරා. උපුල් තරංග, මහරුෆ්, තිරිමාන්න, තිසර, ඇන්ජලෝ සහ පන්දුයැවීමේදි නුවන් කුලසේකර, මාලිංග යන ක්‍රීඩකයින් හොදින් දක්ෂතා අතරට ආවා. නමුත් තරගාවලිය ජය ගැනීමට නොහැකි වීම ගැන කණගාටු වෙනවා"


2012.03.08

No comments:

Post a Comment