Pages

Friday, October 28, 2011

රුවන් වැකි .................




1.කියවීම තරම් වටිනා පොතකට ඇත්තේ එකම එක පොතකි.එය ඔබේ හදවතය.

2.වරදක් කලවිට එයින් බේරීම සඳහා යා හැකි තෙනක් නැත.අනුන් ඔබ නොදුටුවද ඔබ විසින්ම ඔබව දකිනු ලබනු ඇත.

3.මනසේ නිවහන සිරුරයි.

4.අසතුටු ඇතිවන දේවල් පැමිණෙන විට ඒවා ඔබට අයිති නැති බව වටහා ගන්න.ඒවා ඔබ කෙරෙන් ඉවත් වී යයි.ඒවා ඔබේය යනුවෙන් වටහා ගතහොත් ඒවා සමග සම්බන්ද වී ඔබ ඒවායෙහි අයිතිකරුබවට පත්වෙයි.

5.බුද්ධිමතා යමක් දෙස බලන අයෙකුට බොහෝ දේවල් ඉගනීමට හැකිවෙයි.මෝඩයට කල හැකි වන්නේ වැරදි සෙවීම පමණි.

6.ආලෝකය පහල වූ පසු අන්දකාරය දුරුකරගැනීමට තව දුරටත් වෙහෙසීමෙන් පලක් නැත.අන්දකාරය ගියේ කොහේටද කියා පුදුමයට පත් නොවී දැන් පවත්නා ආලෝකය තුල ජීවිතය ගෙන යා යුතුය.

Thursday, October 27, 2011

කතාව ඇත්ත




ඔබ නායකයෙකු හෝ කැපී පෙනෙන්නෙකු හෝ දක්ෂයෙකු නොවේ නම් කිසිවකු ගෙන් චෝදනාවක් ,අපවාදයක් හෝ හාස්‍යයක් ඔබට නොලැබෙනු ඇත.එහෙත් ඔබ ජයග්‍රාහී පිලෙහි සිටී නම් ඔබව,

1.නොසලකා හැරිය හැකිය.
2.හාස්‍යට ලක් කර හැක.
3.පරිබවයට ලක් කල හැක.
4.තර්ජනය කර බිය වැද්දිය හැක.

ඒ සියල්ල කලත් ඔබ තවදුරටත් ඔබේ ගමන් මග ගොස් සාර්ථක වන්නේ නම්,
අවසානයේදී ඔබට ගරු නම්බු දී ප්‍රශංසා කල හැකිය.
(මහත්මා ගාන්ධි )


සාර්ථකත්වය කරා ගමන් කරන පුත්ගලයාට ඉහත කී කඩයිම් හතර පසුකිරීමට අනිවාර්යෙන්ම සිදුවේ.ඔබ දැන් සිටිනුයේ මේ එක කඩයිමක නම් සතුටු වන්න.ඔබ සමාජයට හානි කර ,වැරදි, අසාධාරණ ,අයුක්ති සහගත කාරියක් නොකර ඉහත කී කඩයිමක ගත කරන්නේ නම් ඔබ සාර්ථකත්ව හිනි මගෙහි ගමන් කරන්නෙකි.

නොනැවතී ඉදිරියට යන්න.ලෝකය පුත්ගලයෙකු නොවේ.

Wednesday, October 26, 2011

ජේ .අර්. ගේ වාක්‍ය




හුග දෙනෙක් අහනවා එක්සත් ජාතික පක්ෂය සමාජවාදී පක්ෂයක්ද කියල.ඔවු අපි සමාජවාදී පක්ෂයක්.මේ රටේ සියයට හැටක් බඩු නිපදවන මාර්ග ,මුදල් හුවමාරු කරන මාර්ග රජයට හෝ මහජනයාට අයිතියි .සමාජවාදය කියන්නේ ඒකයි.D .S සේනානායක මහතාගේ කලේ තමයි .පුත්ගලයන්ට ,ධනපතියන් ඉඩම් විකිණීම තහනම් කෙරුවේ.ඒ නිසා එම සමාජවාදී ක්‍රමය අපි ආරක්ෂා කරනවා.ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා වගේ.



සමාජවාදී ක්‍රමයක් යටතේ ධනපතීන් නැහැ .ඇතැම් නායකයෝ ධනපතීන්ගේ ජිවිත ගත කරනවා. විශාල මෝටර්රථ තියනවා.විශාල හෝටල් තියනවා.විශාල බඩු මුට්ටු තියනවා.ධනපතීන් නැති වුනත් ඒ ගොල්ලෝ හැමදාම බලයේ ඉන්න නිසා ඔවුන් ධනපතීන්ගේ ජිවිත ගත කරනවා.අපි එහෙම කරන්නේ නැ.අපි අවුරුදු පනහකින් ආයුබෝවන් කියල පිටත් වෙලා යනවා.



බණ්ඩාරනායක මහත්මයා යෝජනා කෙරුවා සිංහල බාෂාව රජයේ බාෂාව විය යුතුයි කියලා.එකට නීතියක් ගෙනාවා.නමුත් ප්‍රථමයෙන් සිංහල බාෂාව රජයේ බාෂාව විය යුතුයි කියලා යෝජනාවක් ගෙනාවේ තමුන් නාන්සේලා ගේ මන්ත්‍රී හැටියට හිටපු ජේ අර් ජයවර්ධන වන මමයි.

Tuesday, October 25, 2011

ප්‍රේම පත්‍ර






ජිවිතයේ යොවුන් වියේදී ආදරය මුණ නොගැසුණු යෞවනයෙක් හෝ යෞවනියක් සොයා ගැනීම පහසු කරුණක් නොවනු ඇත.ඉස්සර බොහෝ දෙනෙක් ආදරයට ඇරයුම් කරන්නේ හැගීම් ගොනු කල ප්‍රේම පත්‍රයක් අනුග්‍රහයෙන්.දැන් වගේ sms,face book,twitter ඉස්සර තිබුනේ නෑ.එබැවින් බොහෝ දෙනෙකුට පෙම්පත් ලිවිය හැක.නමුත් සාර්ථක පෙම්පත් ලිවිය හැක්කේ කීප දෙනෙකුට පමණි.

ඇතැම්හු ආදරය කර නැතෙයි කියති.එය බොහෝ දුරට සත්‍යයෙන් තොරය.එසේ පවසන්නෙකු මානසික පීඩිතයකු හෝ ආදරයෙන් තදබල ලෙස බැට කෑ පුත්ගලයෙකු බව කතුවරයකු වූ එඩිත් වර්ටන් පවසා ඇත.

ප්‍රේම පත්‍ර රසවත් වන්නේ එය යවන්නාට හා ලබන්නාට පමණක් නොවේ.යන්තම් හෝ ඇසු බාහිර ජනයාටද එය රසවත්ය.මෙබෑවින් ඇතැම් සංස්කාරකවරු පෙම්පත් රැස්කිරිමටද පෙළබි ඇත්තාහ.
මේ එවැනි සංස්කරණයකින් ගත් ප්‍රේම පත්‍ර කීපයකි.

සුදු ජාතික ලේකකයෙකු වූ රිචඩ් ස්ටිල් ඔහුගේ අනාගත බිරිද මේරි ස්කර්ලොක්ට (1707)

දයාබරිය !ලොව අපහසුම දේ තමා ආදරය කරන අතර වෙලදාම් කිරීම.මගේ වෙළදසැලට
එන බොහෝ දෙනෙකු හා මන් කතා කරන්නේ වෙළදාම ගැන නෙවෙයි.ඔබ ගැන.ඒ හින්ද මගේ වෙලදාමත් අදුවේගන යනවා.කෙනෙක් මගෙන් ලඟදි ඇහෙවුවා ලිස්බන් වල අලුත් ආරංචි මොනවද කියල.මන් කියුව මේරි හුගක් ලස්සනයි කියල.ඔහු මට හිනාවෙලා යන්න ගියා.

දෙන ඉතින් ඔබටම තේරෙනවා ඇති වෙලදමයි ආදරයයි එකට් කරන්න බැ කියල.ඒ හින්ද මන් මේක අතහරින්න හිතුව.නෑ නෑ කලබල වෙන්න එපා ඔයව නෙවෙයි වෙළදාම.


නැපෝලියන් බොනපාට් තම බිරිද ජෝසපින්ට (1796)

මම දිනක් හෝ ඔබට ආදරය නොකොට නොවිසුවෙමි.එකම රාත්‍රියක්වත් (සිහිනෙන් හෝ )ඔබ වැළඳ නොගෙන නිදා නොගත්තෙමි.සැහෙන රසැති තේ කෝප්පයක් වැනි දෙයක් බිමේදී ඒ පිලිබඳ සිත යොමු කරන්න වීමෙන් ඔබ පිලිබඳ සිතුවිල්ල මොහොතකට හෝ සිතෙන් බැහැරව යාම නිසා ඒ රසට මම සාප කලෙමි.


ලේකිකාවක් වූ ඩොරති තොම්සන් ගත කතුවරයෙකු වූ සින්ක්ලෙයාර් ලුවිස් ඇයට දික්කසාද වන්නට කී මොහොතේ (1941)


හිතවත් ලුවිස් මගේ පැත්තෙන් කියනවනම් මට කිසිසේත්ම විවාහ ජීවිතෙන් ඉවත් වෙන්න බැ.ඔබ දැන් එය මට ප්‍රසිද්දියේම කරන්න කියනවා.මන් කොහොමද ඒක කරන්නේ? ආදරය අමරණිය බව කිඋවේ ඔබ. ඉතින් එසේ කිඋව ඔබම එය නසා දමන්න හදනවනම්.......

මන් තාමත් ගෙදර දොර ඇරන් බලන් ඉන්නවා.ඔබ එන බලාපොරොත්තුවෙන්.හදිස්සියෙවත් වහල තිබුනොත් ඉස්සර වගේම තාමත් ඔයා වෙනුවෙන් කැනාස් මල් පෝච්චියේ යතුර ඇති.

කාලය ගෙවෙන ඉක්මනක තරම්.....................

ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය නම හදවතට බරක් වගේ දැනුනත් ලොකු වැදගත්කමක් ඒත් එක්කම හිත ඇතුලට කඩා වැදුනා. දැනට මාස හත අටකට කලින් අම්මත් එක්ක clg එකේ සම්මුක පරීක්ෂණයට ආවේ පුදුම ආසාවකින් නොයෙකුත් කලබල රාජකාරී මැද්දේ.උදේ ඉදන් ආව හැමෝම හොද ඉස්තරම් විදියේ කට්ටක් කැවා.කලින් වසරේ අය්යල අක්කලගේ විහිලු තහළු මැද හිතට ලොකු සතුටක් දැනුනා.උදේ ආපු වෙලාවේ ඉදන් හැන්දෑ වෙනකන්ම මේ කට්ට කන්න එයාලගෙන් ලැබුනේ පුදුම තරමේ සහයෝගයක්.





ඒත් ඉතින් සිංහල ,දෙමල ,මුස්ලිම්,ක්‍රිස්තියානි සහ තවත් විදේශික සොයුරු සොයුරියනුත් කතා බැරි වුනත් සිනාවෙන් ඇස්වලින් අදහස් හුවමාරු කරගත් හැටි දැක්කනම් ජනවාර්ගික ප්‍රශ්න,විදේශික බලවේග වගේ ප්‍රශ්න ඇදගෙන කෙගහන උදවිය ලැජ්ජා හිතල කොහේ දුවයිද දන්නේ නැ.ඒ තරම් ඔවුන් ශ්‍රී ලාංකිකයින් හැටියට සුහදව ලෙන්ගතුව හැසිරුනා.

යාන්තන් හැන්දෑවේ සම්මුක පරීක්ෂණයට මුහුණ දෙන්න මගේ වාරෙත් අවා.එය මෙහෙයවපු විනිසුරු මඩුල්ල මගෙන් එක එක ප්‍රශ්න අහුව.දෙන්නම් එක මතක් වෙන කොට හිනත් යනවා. මොකද ඒකෙ පිරිලා දෙවිවරු තිස්තුන් කෝටියක් වැඩ හිටිය මගේ හිතේ.එක දන්නේ සම්මුක පරික්ෂනේට ආපු අපි විතරයි.එන එන ළමයා එක්කන් ආපු දෙවිවරු එතන හිටියා. අපහු ගියේ නැ.මාත් දෙයියන්ට කියලයි ආවෙ.එයත් එතෙන්ට එන්න ඇති කියල මන් හිතුව.ඉතින් ඔයි කොයි කවුරුත් මට බලන්න ඇති කියල මන් හිතුවා.තෘප්තිමත් හැගීමකින් එතනින් එලියට ආවත් හිටපු ළමයි කන්දරාව මතක් වෙන්න මතක් වෙන්න දෙයියොම තමයි සිහිවුනේ.අපි එකිනෙකාට හොරෙන් දෙයියන්ටම කියුවා.

ඉතින් ඊට පස්සේ විද්‍යාලයට තේරිලා තිබුන දවසේ මගේ හිතෙන දන්න වන්නම් සේරම නැටුවා.දැන් ඉතින් මාත් ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍යාවක් වුනා.ඒ කියන්නේ ජනමාධ්‍යවේදිනියක් වීමේ ඉලක්කය සපුරා ගැනීමේ සටනට උර දෙන්න මාත් එක් වුනා.


එත්තටම එක නම් නියම සටන්කාමී ජිවිතයක් වුනා.අනේ අපි ගහමරා ගත්තේනම් නැ.අවුව,වැස්ස,මහන්සිය,පීඩනය එක්ක සටන් වැදුනා.අපි මුලින්ම රෙකෝඩර් අරන් ගියේ නිකන් වීරයෝ වගේ.මාර ආසාවකින් පුදුම නිදහසකින්.ඊට ටික දවසකට පස්සේ තමයි අනේ අම්මෝ කියල හිතුනේ.වැඩේ ලේසි නැ.බරපතලයි.ඒත් කවුරුවත් අතහරින්න සුදානම් නැ.අවුව,වැස්ස,බඩගින්න නොබලා හැමෝම හැමෝටම උදවු කර ගත්තා.



කිසිම කෙනෙකුට ආගම,ජාතිය,රට,සංස්කෘතිය හරස් වුනේ නැ.අපි ඔක්කොම ශ්‍රී ලංකික දරුවෝ වුනා.අපි හැමෝම හැමෝන්ටම පිහිට වුනා.උදවු කළා.දැනුම බෙදාහදා ගත්තා.බඩගින්නේ හිටියා.කාගෙහරි බත් එකක් ලිහාගෙන ටික ටික හැමෝම කැවා.ගැණු ළමයි පිරිමි ළමයි වෙනසක් නැ.එක අම්මගේ දුලා පුතාලා වගේ කවුරුත් එක පතේ එකට වාඩි වෙලා කැවා.

පස්සේ පස්සේ අපි ඒ ජීවිතේට හුරු වුණා.අපි ඒ ජීවිතේට ආදරය කළා.කොටින්ම අපි ඒ ජීවිතය තුල සියල්ල දරාගනිමින් සතුටින් ජිවත් වුනා.


අපිට අපේ ගුරුවරුන්ගෙන් ලැබුන අවවාද දිරිය ආරක්ෂාව අමතක කරන්න බැරි තරම් ඒ අවුරුද්ද පුරාම අපේ දෙමාපියන් වුනේ ඔවුන්.ඔවුන්ගෙන් අපලද අවවාද අනුශාෂනා සමහර විට බැනුනුත් අඩුපාඩුවක් නැතුව ලැබුනා. ඒවා අපිව හරි පාරට ඇද දැම්මා.ඉදිරියට යන්න හොද තල්ලුවකුත් වුනා.



අපි දිනගණන් මීගමු ,යාපනය අධ්‍යාපන චාරිකා ගියා.ඒවායින් ලැබුණු අද්දැකීම් ,විනෝදය සහ දැනුම මෙතෙක් කිසි ලෙසකින් අප ලබා තිබුනේ නැ.අපි ඇති තරම් නැටුවා.කෑවා .බිවුවා.සින්දු කිවුව.අපිට අපේ නිදහස බුක්ති විදින්නට අපේ ගුරුවරුන් ඉඩ දුන්න විතරක් නෙමෙයි ඒවාට හවුල් වෙලා අපිත් එක්ක විනෝද වුනා.ඔවුන් අප සමග හැසිරුනේ මිතුරු මිතුරියන් වගේ.ඒ තරම් දරුවන්ගේ හිත් ඔවුන් හදුනාගෙන හිටියා.මාද්‍ය ලෝකයේ මැනිය නොහැකි විශාලත්වයත් ඒ තුල හැසිරෙද්දී අප තුල තිබිය යුතු සාරදර්මත් ඔවුන් අප තුල ඇති කළා.මේ සියල්ල සිහිවෙද්දී ඇසට උනන පුංචි කදුළ ,අප වෙනුවෙන් වෙහෙසුණු ඔවුන් වෙනුවෙන් පිදෙන කෘතවේදීත්වය යැයි මට හිතෙනවා.





ඉතින් අපිට මේ සියල්ලෙන් සමුගන්න කාලය ඇවිල්ල.මේ නිදහස ,විනෝද බර ආදරණිය ජීවිතය මෙතෙනින් නිම වෙනවා.ජනමාද්‍යවේදීන් හැටියට අපිට පා තබන්න වෙන්නේ ඉතාම කාර්යබහුල සංකීර්ණ ජීවිතයකට බව මම දන්නවා.



මගේ රට වෙනුවෙන් නිවැරදිව සිටීමට ජනමාද්‍ය විද්‍යාලයෙන් මා ලද අද්‍යාපනය නිරතුරුවම මා පොලබවනවා යැයි මට හිතෙනවා. හෙට දවසේ අප මේ වටිනා බුමියෙන් සමුගත්තද මෙය පුර්ණ මිනිසුන් බවට අප පත් කල අපේම විදුහල බවත් මෙහි සිටින්නේ මේ තැනට අපි ඔසවා තැබූ අපේම දයාබර ගුරුවරුන් බවත් අමතක නොකළ යුතුව තිබෙනවා.



ලොව කොතැනක සිටියද මෙහි ගත කල සොදුරු ආදරණිය ජීවිතය තවදුරටත් මා සමග ජිවත් වේවි.



Thursday, October 20, 2011

තෙරේසා මවුතුමිය






දුගී අසරණ ජනතාවට සරණ වීමට මිනිස් ස්වරූපයෙන්, දෙවියන් විසින් එවූ දේව දූතිකාව තෙරේසා මවුතුමියයි. අප්‍රමාණ ජනකායකට මවක් වූ මේ මාතාව මියගොස් දහතුන් වසරක් ගතවී තිබුණද අදටත් ඇයගෙන් ඇතිවූ හිස්තැන එපරිද්දෙන්ම පවතී. මෙවන් මාතාවක් දක්නට ඇයගේ ආදරයේ උණුසුම
ලබන්නට හැකි වීම ලොවටම දුලබ අත්දැකීමකි.

මැසිඩෝනියාවේ ස්කොප්ජිහි ඇල්බේනියානු ජාතිකයකු ලෙසින් උපන් එතුමිය වඩාත් ලෝ ප්‍රකට වූයේ ඉන්දියානු පුරවැසියකු ලෙසනි. කල්කටාවේ මිෂනාරි සමාජ සේවාවේ පුරෝගාමියා තෙරේසා මවුතුමියයි.

සුව කළ නො හැකි රෝගවලින් ස්වභාවික විපත්වලින් මෙන්ම සමාජයෙන් කොන් වීම් නිසා ද මුළු ගැන්වී සිටින ජනතාවට එතුමිය පිහිට වූයේ තම ජීවිතය ද පරදුවට තබමිනි.

තෙරේසා මවුතුමියගේ ගිහි කල නම ඇග්නස් ගොන්සා බොජැක්ෂුයිය. නොකොලා සහ ඩ්‍රේන් ඇයගේ මවුපියන් විය. 1910 අගීස්තු 27 වැනි දින ඉපදුණු ඇග්නස් ආගමට දහමට ලැදි අයකු වූයේ කුඩා වියේ සිටයි.

ඇග්නස්ට වයස අවුරුදු පහක් වෙන විට පියා මිය ගිය නිසා මව ඩ්‍රේන් ආර්ථික ගැටලු රාශියකට මුහුණ පෑවාය. දරුවන්ට පියාගේ අඩුව නොදැනෙන්නට කටයුතු කළ ඇය ඔවුන්ට යහපත් ගති ගුණ ඇති දරුවන් ලෙස වැඩීමට අවශ්‍ය පසුබිම සැකසුවාය.

ඇග්නස් කන්‍යාසොයුරියක් වීමට සහ මිෂනාරි කටයුතුවලට යෙදීමට මූලික වූ මඟ පෙන්වීම ලැබුණේ මවගෙනි.

කතෝලිත කන්‍යා සොයුරියක් වූ පසු ඇය ‘තෙරේසා’ ලෙස නම වෙනස් කර ගත්තාය.

1929 ජනවාරි 6 වැනි දින තෙරේසා කන්‍යාා සොයුරිය, කල්කටාවේ සාන්ත මේරිස් උසස් පාසලේ ඉගැන්වීම සඳහා පිටත්ව ගියාය. තෙරේසා සොයුරිය 1937 මැයි 24 වැනි දින තෙරේසා මවුතුමිය බවට පත්වූයේ ජේසු තුමාගේ ශුද්ධවූ ආත්මයේ සහකාරිය බවට ගිවිස ගත් පසුවයි.

1931 සිට 1948 දක්වාම ඇය ශාන්ත මේරිස් පාසලේ ඉගැන්වූ අතර කල්කටාවේ ආර්ථිකයෙන්, ශරීර සෞෟඛ්‍යයෙන් පිරිහුණු ජනතාවගේ දහසක් ගැටලු, දුක් පීඩා ඇස ගැටුණි.

එතුමිය කන්‍යාරාමයෙන් පිටවී මුඩුක්කු වාසීන්ට සේවය කිරීමට කන්‍යාරාමයෙන් අවසර ලබා ගත්තාය. එය අතේ සතයකුදු නැතිව අධිෂ්ඨානයේ බලයෙන් පටන් ගත් සද්කාර්යයකි.

මුඩුක්කු වාසී දරුදැරියන්ට එතුමිය විවෘත පාසල් පටන් ගත්තාය. ළමයින්ට පමණක් නොව වැඩිහිටියන්ටද අධ්‍යාපනය ලබා දුන්නීය. රෝහල් හෝ සායනයික පහසුකම් නැති ප්‍රදේශවාසීන්ට තෙරේසා මවුතුමිය ප්‍රාථමික වෛද්‍ය තාක්ෂණික ක්‍රම හදාරා මූලික මට්ටමින් ප්‍රතිකාර කළාය.

එතුමියගේ මෙහෙවරට මුදල් ආධාර ද නො අඩුව ලැබුණි.

ආදරයේ, සාමයේ, පරිත්‍යාගයේ ලෝක සංකේතය බවට පත්වූ තෙරේසා මවුතුමිය ජීවත්ව සිටියදීම බුහුමන් පිට බුහුමන් ලැබුවාය. එතුමියගේ සේවය සම්මාන 124කට වැඩි ගණනකින් අගය කර තිබේ. ඒ අතර පද්මශ්‍රී සම්මානය (1962), නොබෙල් සාම ත්‍යාගය (1979) ද වේ.

1997 න් පසු පිට පිට කිහිප වරක් හෘදයාබාධවලට ගොදුරු වීමෙන් වැටීමෙන්, සහ මැලේරියාවට ගොදුරු වීමෙන් මවුතුමියගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ ලෙස පිරිහෙන්නට විය.

වයස අසූ හතේ දී උග්‍ර හෘදයාබාධයකින් මවුතුමිය මෙලොවින් සමු ගත්තාය. ශාන්තුවරියක ලෙස දෙවැනි ශාන්ත පාවුළු පාප්තුමාගේ ආශිර්වාදය ලැබුවේය.

Monday, October 17, 2011

ටයිටස් තොටවත්ත





ප්‍රවීණ සිනමා හා රූපවාහිනී නිර්මාණකරුවකු වූ ටයිටස් තොටවත්ත මහතා අද(15) රාත්‍රියේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබේ.‍
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මෙසේ අභාවප්‍රාප්ත වී ඇති බව රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේය.‍ මියයන විට ඒ මහතා 82 හැවිරිදි වියෙහි පසුවිය.‍
වසර 1929 අපේ‍්‍රල් 17 වැනිදා බොරැල්ලේදී උපත ලද ඔහු මුලින් එම්මානුවෙල් ටයිටස් ද සිල්වා නම් විය.

කොළඹ ආනන්ද විදුහලෙන් අධ්‍යාපනය ලද හෙතෙම ජේඞීඒ පෙරේරා හා ස්ටැන්ලි අබේසිංහ යටතේ කලාව හැදෑරීය.

තොටවත්ත මහතා 1956දී ලෙස්ටර් ජේම්ස් පීරිස් හා විලී බ්ලේක් සමඟ ‘රේඛාව’ චිත‍්‍රපටයට එක්වූයේ එහි සංස්කරණය සඳහායි.

චන්ඩියා (1965), කවුද හරි (1969) හා හාරලක්‍ෂය (1971) ඔහුගේ අධ්‍යක්‍ෂණයන් අතර විය.

වසර 1980දී ඔහු ලියා අධ්‍යක්‍ෂණය කළ හඳයා එම වසරේ හොඳම චිත‍්‍රපටය ලෙසින් සරසවි සම්මානය දිනාගත්තේය.

තොටවත්ත මහතා පසුව ඉංග‍්‍රීසි කාටූන් සිංහල බසින් හඬකවා ඉදිරිපත් කල අතර, එළුසන් වැනි රූකඩ වැඩසටහන් ද හඳුන්වා දුන්නේය.
චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු, රූපවාහිනී හඬකැවීම් ශිල්පියෙකු ලෙස ඒ මහතා මෙරට කලා ක්ෂේත්‍රයට විශාල සේවාවක් ඉටුකළේය.

Monday, October 10, 2011

කොහු නිෂ්පාදනය ආශ‍්‍රිත නිෂ්පාදන සඳහා වැඩිවන ඉල්ලූමත් සමග ග‍්‍රාමීය කොහු කර්මාන්තයේ නව ප‍්‍රවණතාවක් දක්නට ඇති බව පොල් පර්යේෂණ ආයතනය පවසනවා.
. පොල් ලෙල්ලක් සඳහා පසුගිය කාලයේ නියම වී තිබුණේ අවම මිලක්.
නමුත් මේ වනවිට ඒ සඳහා රුපියල් 5 ක පමණ මුදලක් ලැබෙන බවයි පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජයන්ත ගුණතිලක ප‍්‍රකාශ කළේ.

Sunday, October 9, 2011

ඇපල් සමාගමේ සම නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්



ලෝකය තාක්ෂණික වශයෙන් දියුණු කිරීමට අමරණීය සේවයක් කළ සුප්‍රකට ඇපල් සමාගමේ සම නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් අභාවප්‍රාප්ත වුණා.

පිලිකාවක් වැළඳීම නිසා පසුගියදා ඇපල් සමාගමේ ප්‍රධාන විධායක ධූරයෙන් සමුගත් ස්ටීව් ජොබ්ස් මියයන විට 56 වන වියෙහි පසු වුණා.
ඔහු මියගොස් තිබෙන්නේ බදාදා දිනයේදීයි.

ලෝකය වෙනස් කරන්නට තෝමස් අල්වා එඩිසන් හා ඇල්බට් අයින්ස්ටයින්ට නොදෙවෙනි ලෙස දායක වූ ඇපල් තාක්ෂණික සමාගමේ සම නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් 1973 දී ඉන්දියාවට පැමිණ බුදුදහම වැළඳගෙන යළිත් ඇමරිකාවට යන්නේ හිස මුඩුකර ගනිමින්.

ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියා වන්නට පෙර ඔහු අධ්‍යාත්මික ජීවිතයක් සොයා වෙහෙසුණු අතර ඔහු ඉන්දියාවට පැමිණෙන්නේද මෙම අධ්‍යාත්මික හැදෑරීම් කිරීම සඳහායි.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ පසු කලක ලෝකයේ අති දැවැන්ත පුද්ගලික ව්‍යාපාරිකයෙකු වූ ස්ටීව් ජොබ්ස්ගේ වටිනාකම්, සාරධර්ම මෙන්ම විනය මෙම ආගමික හැදෑරීම් මත පදනම් වූවා යැයි බොහෝදෙනා විශ්වාස කරන බවයි.

ඔහු නිල්පාට ඩෙනිම් කලිසමක් හැඳ සෙරෙප්පුවක් හෝ නොදමා සිය කාර්යාලයේ සැරි සැරීම සාමාන්‍ය පුරුද්දක් වී තිබුණු බව ඔහුගේ සගයෝ පවසනවා.

ඔහුගේ ජීවිතයේ තිබූ සරල බව තරම්ම සරල බවක් ඔහුගේ දැවැන්ත නිර්මාණවල තිබුණු බව බොහෝදෙනා පිළිගන්නා කාරණයකි.

ඔහු වරක් කර තිබෙන කතාවකින් කොටසක් මේ.......

“මම මිතුරන් සමග ගෙබිම නිදාගන්නවා. තැන්පතු ලෙස තබපු ශත 05 ක මුදලක් ගන්න මම කොකා කෝලා බෝතල් නැවත භාර දෙනවා. එම මුදල් ඉතිරි කර තබාගන්නවා ආහාර සඳහා වියදම් කරන්න. සතියකට හොඳ ආහාර වේලක් ගන්න ඉරිදා රාත්‍රියේදී කිලෝ මීටර් හතක් පමණ මම පයින් ඇවිදිනවා. මම ඒ දේවල් වලට කැමතියි.“

සරල බවේ අගය පැහැදිලි කරමින් ජොබ්ස් 1998 දී Businessweek සමග පැවති සංවාදයකදී කර ඇත්තේ මෙවැනි ප්‍රකාශයක් .

“සංකීර්ණ බවට වඩා සරල බව ශක්තිමත්. ඔබගේ සිතුවිලි පිරිසිදු කර සරල වීමට ඔබට වැඩි වෙහෙසක් ගැනීමට සිදුවේවි. හැබැයි! එහි වටිනාකමක් තිබෙනවා. මොකද ? ඔබ එතනට පැමිණි විට ඔබට ඉතාම ඉහළට යන්න පුළුවන්.“

මෙම අද්විතීය මිනිසාගේ ජීවිතය පිළිබඳව හෙළිකරමින් ඔහුගේ මිතුරෙකු පවසා තිබෙන්නේ බහු භාණ්ඩිකත්වයට ආශා නොකළ මොහුගේ නිවසේ ගෘහ භාණ්ඩ නොතිබූ තරම් බවයි.

ඔහු ඉතාමත් ඇලුම්කළ ඇල්බට් අයින්ස්ටයින්ගේ පිංතූරයකුත්, පුටුවකුත්, විදුලි ලාම්පුවකුත්, ඇඳකුත් හැරුණු විට ඔහුගේ නිවසේ වෙනත් විශේෂ දෙයක් නොතිබූ තරම් යැයි හෙතෙම පවසා තිබෙන බව සඳහන්.

අතිශය සරල මෙම මිනිසා ලෝකයේ දුප්පත් පොහොසත් සියලු දෙනාම සීමා මායිම් නොසලකා පරිගණක ශක්තියෙන් සන්නද්ධ කිරීමට සිය දිවිය කැපකළ අතර ජනතාවගේ ජීවිත වෙනස් කරන්නට කර තිබෙන දායකත්වය සුළු පටු එකක් නොවේ.

මියයන විට ජොබ්ස්ට අයත්වූ වත්කමේ වටිනාකම ඩොලර් බිලියන 8.3 ක් පමණ වූ අතර ඔහුට දරුවන් සිව් දෙනෙකු සිටින බව සඳහන්

වසර 56 ක් ජීවත්වී පිලිකා රෝගයකින් පීඩා විඳීමෙන් අනතුරුව පසුගිය බදාදා දිනයේදී මියගිය මෙම ඇමරිකානු පරිගණක ව්‍යවසායක නව නැමැවුම්කරුවා සියවස් ගණනාවක් ජීවත් වූවෙකුට වඩා ලොවට වැඩක් කළ සදා අමරණීය පුද්ගලයෙකි.

Friday, October 7, 2011

*................




මද අදුර විත් දසත
තනිකමට හාදු දෙයි
මහද දැල්වූ නුබේ පහන
මසිත් තුල දැල්වී තියෙයි

වලකුලකින් වැසෙන සිත් සඳ
නැවත විත් සඳඑලිය දෙයි
නේක තරු නැති මගේ අහසට
සරා සඳ සේ
නුබම දිස් වෙයි

පන් කොලයයි......තල් කොලයයි



යාපනය නැතිනම් යාල්පානම් ලෙස හැදින්වෙන ලංකාවේ උතුරු කොනේ ඇති අර්දද්වීපය අතීතයේ පටන්ම මෙරට දේශපාලන ,ආර්ථික හා සමාජීය අංශයන්හි ප්‍රදාන තැනක් ඉසිලීය.අතීතය හා වර්තමානය සසදන විට යාපනයේ වෙනස්කම් රාශියක් විද්‍යමාන වේ.දශක ගණනාවකට පසු යාපනයේ සුන්දරත්වය හා එහි සමාජයේ තත්වය දැකබල ගැනීමට ශ්‍රී ලංකා ජනමාද්‍ය විද්‍යාලයේ සිසුවන් වන අපි එහි සංචාරයක යෙදුනෙමු.


බුදුන් වහන්සේගේ 2 වෙනි ලංකා ගමන සිදු වූ නගදිපයද අපගේ සිත් ගත ස්ථානයකි.යාපනයේ සිට බෝට්ටුවකින් විනාඩි 10 ක පමණ ගමනකින් පසු නාගදීප පුදබිමට ලගා වීමට අපට හැකිවිය.සුදු පැහැගත් වෙහෙර දශක 3 ක කුරිරු යුද්දයෙන් පසුවත් තවමත් විරාජමානව පවතී.එමෙන්ම බෝමළුව වටකර ඇති රන් වැටද නාගදීප පුදබිමට අලංකාරයක් ගෙනෙවිත් ඇත.



යාපනයේ පවතින අදික රස්නය නල්රුල් හා නාගදීප ගමන නිසා මදක් අඩුවුවා යැයි අපට හැගෙණි.රිවු රැස මෙහෙයුමෙන් ශ්‍රී ලංකා හමුදාව මුදවාගත් යාපනය කොටුව බැලීමටද අපි ගියෙමු.ත්රස්තවාදයේ අමිහිරි මතක සටහන් තවමත් යාපනය කොටුව මත දැකිය හැකිය.විශේෂයෙන්ම යාපනය කොටුව සහ විනාශ වූ ගොඩනැගිලි මේ වනවිට සංවර්දනය වෙමින් පවතින බව අපට දැක ගැනීමට හැකි විය.
එමෙන්ම අලිමංකඩ නගරයේදී හසලක ගාමිණී රණවිරුවා දිවිදුන් ස්ථානයද දැක ගැනීමට පුළුවන් විය.




යාපනය සංචාරයේදී අපිට විශේෂ අවස්ථාවක් උදා විය.ඒ යාපනයේ අක්න්‍යපති මහින්ද හතුරුසිංහ මහතා හමුවීමයි.ඔහු අපට යාපනයේ ආරක්ෂක තත්වය පිළිබද විස්තර කළේය.එමෙන්ම ඔහු අපගේ ගැටළුද සාකච්චා කිරීමට අවස්ථාවක් ලබා දුන්නේය.



එමෙන්ම කලක් LTTE සංවිදානයේ මාද්‍ය ප්‍රකාශක වූ Dayamaster ද හමුවීමට අවස්ථාව උදා විය.එමෙන්ම යාපනයේ රාජ්‍ය පරිපාලන කටයුතු සිදුවන අයුරු පිළිබද දැනගැනීමට යාපනයේ දිස්තික් ලේකම් ඉමල්කා සුකුමාල් මහත්මියද අපට හමුවීමට හැකිවිය.විශේෂයෙන්ම දැක්විය යුතු කරුණ වන්නේ යාපනයේ උදයන් පුවත්පතේ කතෘ මුණගැසී සාකච්චා කිරීමටත් එම ආයතනය නැරබිමටත් අපට අවස්ථාව උදා විය.


යාපනයේ මාද්‍ය පුහුණු මද්‍යස්ථානය නැරබීමට ගිය ගමන කිසි දිනක අපට අමතක නොවන්නෙමු.අපි එහි ගිය විට පන්කොළ තොප්පි දමා ඔවුන් අපව පිළිගත්තේ දෙමල ජනතාවගේ සහෝදරත්වය මෙය යයි කියාපාමිනි.ඒ පන්කොළ තොප්පිය යාපනයේ අවුරශ්මියෙන් ටිකකට හෝ ගැල වී ඉන්නට අපට දායක විය.