Pages

Friday, October 7, 2011

පන් කොලයයි......තල් කොලයයි



යාපනය නැතිනම් යාල්පානම් ලෙස හැදින්වෙන ලංකාවේ උතුරු කොනේ ඇති අර්දද්වීපය අතීතයේ පටන්ම මෙරට දේශපාලන ,ආර්ථික හා සමාජීය අංශයන්හි ප්‍රදාන තැනක් ඉසිලීය.අතීතය හා වර්තමානය සසදන විට යාපනයේ වෙනස්කම් රාශියක් විද්‍යමාන වේ.දශක ගණනාවකට පසු යාපනයේ සුන්දරත්වය හා එහි සමාජයේ තත්වය දැකබල ගැනීමට ශ්‍රී ලංකා ජනමාද්‍ය විද්‍යාලයේ සිසුවන් වන අපි එහි සංචාරයක යෙදුනෙමු.


බුදුන් වහන්සේගේ 2 වෙනි ලංකා ගමන සිදු වූ නගදිපයද අපගේ සිත් ගත ස්ථානයකි.යාපනයේ සිට බෝට්ටුවකින් විනාඩි 10 ක පමණ ගමනකින් පසු නාගදීප පුදබිමට ලගා වීමට අපට හැකිවිය.සුදු පැහැගත් වෙහෙර දශක 3 ක කුරිරු යුද්දයෙන් පසුවත් තවමත් විරාජමානව පවතී.එමෙන්ම බෝමළුව වටකර ඇති රන් වැටද නාගදීප පුදබිමට අලංකාරයක් ගෙනෙවිත් ඇත.



යාපනයේ පවතින අදික රස්නය නල්රුල් හා නාගදීප ගමන නිසා මදක් අඩුවුවා යැයි අපට හැගෙණි.රිවු රැස මෙහෙයුමෙන් ශ්‍රී ලංකා හමුදාව මුදවාගත් යාපනය කොටුව බැලීමටද අපි ගියෙමු.ත්රස්තවාදයේ අමිහිරි මතක සටහන් තවමත් යාපනය කොටුව මත දැකිය හැකිය.විශේෂයෙන්ම යාපනය කොටුව සහ විනාශ වූ ගොඩනැගිලි මේ වනවිට සංවර්දනය වෙමින් පවතින බව අපට දැක ගැනීමට හැකි විය.
එමෙන්ම අලිමංකඩ නගරයේදී හසලක ගාමිණී රණවිරුවා දිවිදුන් ස්ථානයද දැක ගැනීමට පුළුවන් විය.




යාපනය සංචාරයේදී අපිට විශේෂ අවස්ථාවක් උදා විය.ඒ යාපනයේ අක්න්‍යපති මහින්ද හතුරුසිංහ මහතා හමුවීමයි.ඔහු අපට යාපනයේ ආරක්ෂක තත්වය පිළිබද විස්තර කළේය.එමෙන්ම ඔහු අපගේ ගැටළුද සාකච්චා කිරීමට අවස්ථාවක් ලබා දුන්නේය.



එමෙන්ම කලක් LTTE සංවිදානයේ මාද්‍ය ප්‍රකාශක වූ Dayamaster ද හමුවීමට අවස්ථාව උදා විය.එමෙන්ම යාපනයේ රාජ්‍ය පරිපාලන කටයුතු සිදුවන අයුරු පිළිබද දැනගැනීමට යාපනයේ දිස්තික් ලේකම් ඉමල්කා සුකුමාල් මහත්මියද අපට හමුවීමට හැකිවිය.විශේෂයෙන්ම දැක්විය යුතු කරුණ වන්නේ යාපනයේ උදයන් පුවත්පතේ කතෘ මුණගැසී සාකච්චා කිරීමටත් එම ආයතනය නැරබිමටත් අපට අවස්ථාව උදා විය.


යාපනයේ මාද්‍ය පුහුණු මද්‍යස්ථානය නැරබීමට ගිය ගමන කිසි දිනක අපට අමතක නොවන්නෙමු.අපි එහි ගිය විට පන්කොළ තොප්පි දමා ඔවුන් අපව පිළිගත්තේ දෙමල ජනතාවගේ සහෝදරත්වය මෙය යයි කියාපාමිනි.ඒ පන්කොළ තොප්පිය යාපනයේ අවුරශ්මියෙන් ටිකකට හෝ ගැල වී ඉන්නට අපට දායක විය.

No comments:

Post a Comment