Wednesday, October 26, 2011
ජේ .අර්. ගේ වාක්‍ය
හුග දෙනෙක් අහනවා එක්සත් ජාතික පක්ෂය සමාජවාදී පක්ෂයක්ද කියල.ඔවු අපි සමාජවාදී පක්ෂයක්.මේ රටේ සියයට හැටක් බඩු නිපදවන මාර්ග ,මුදල් හුවමාරු කරන මාර්ග රජයට හෝ මහජනයාට අයිතියි .සමාජවාදය කියන්නේ ඒකයි.D .S සේනානායක මහතාගේ කලේ තමයි .පුත්ගලයන්ට ,ධනපතියන් ඉඩම් විකිණීම තහනම් කෙරුවේ.ඒ නිසා එම සමාජවාදී ක්‍රමය අපි ආරක්ෂා කරනවා.ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා වගේ.
සමාජවාදී ක්‍රමයක් යටතේ ධනපතීන් නැහැ .ඇතැම් නායකයෝ ධනපතීන්ගේ ජිවිත ගත කරනවා. විශාල මෝටර්රථ තියනවා.විශාල හෝටල් තියනවා.විශාල බඩු මුට්ටු තියනවා.ධනපතීන් නැති වුනත් ඒ ගොල්ලෝ හැමදාම බලයේ ඉන්න නිසා ඔවුන් ධනපතීන්ගේ ජිවිත ගත කරනවා.අපි එහෙම කරන්නේ නැ.අපි අවුරුදු පනහකින් ආයුබෝවන් කියල පිටත් වෙලා යනවා.
බණ්ඩාරනායක මහත්මයා යෝජනා කෙරුවා සිංහල බාෂාව රජයේ බාෂාව විය යුතුයි කියලා.එකට නීතියක් ගෙනාවා.නමුත් ප්‍රථමයෙන් සිංහල බාෂාව රජයේ බාෂාව විය යුතුයි කියලා යෝජනාවක් ගෙනාවේ තමුන් නාන්සේලා ගේ මන්ත්‍රී හැටියට හිටපු ජේ අර් ජයවර්ධන වන මමයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment