ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය නම හදවතට බරක් වගේ දැනුනත් ලොකු වැදගත්කමක් ඒත් එක්කම හිත ඇතුලට කඩා වැදුනා. දැනට මාස හත අටකට කලින් අම්මත් එක්ක clg එකේ සම්මුක පරීක්ෂණයට ආවේ පුදුම ආසාවකින් නොයෙකුත් කලබල රාජකාරී මැද්දේ.උදේ ඉදන් ආව හැමෝම හොද ඉස්තරම් විදියේ කට්ටක් කැවා.කලින් වසරේ අය්යල අක්කලගේ විහිලු තහළු මැද හිතට ලොකු සතුටක් දැනුනා.උදේ ආපු වෙලාවේ ඉදන් හැන්දෑ වෙනකන්ම මේ කට්ට කන්න එයාලගෙන් ලැබුනේ පුදුම තරමේ සහයෝගයක්.
ඒත් ඉතින් සිංහල ,දෙමල ,මුස්ලිම්,ක්‍රිස්තියානි සහ තවත් විදේශික සොයුරු සොයුරියනුත් කතා බැරි වුනත් සිනාවෙන් ඇස්වලින් අදහස් හුවමාරු කරගත් හැටි දැක්කනම් ජනවාර්ගික ප්‍රශ්න,විදේශික බලවේග වගේ ප්‍රශ්න ඇදගෙන කෙගහන උදවිය ලැජ්ජා හිතල කොහේ දුවයිද දන්නේ නැ.ඒ තරම් ඔවුන් ශ්‍රී ලාංකිකයින් හැටියට සුහදව ලෙන්ගතුව හැසිරුනා.
යාන්තන් හැන්දෑවේ සම්මුක පරීක්ෂණයට මුහුණ දෙන්න මගේ වාරෙත් අවා.එය මෙහෙයවපු විනිසුරු මඩුල්ල මගෙන් එක එක ප්‍රශ්න අහුව.දෙන්නම් එක මතක් වෙන කොට හිනත් යනවා. මොකද ඒකෙ පිරිලා දෙවිවරු තිස්තුන් කෝටියක් වැඩ හිටිය මගේ හිතේ.එක දන්නේ සම්මුක පරික්ෂනේට ආපු අපි විතරයි.එන එන ළමයා එක්කන් ආපු දෙවිවරු එතන හිටියා. අපහු ගියේ නැ.මාත් දෙයියන්ට කියලයි ආවෙ.එයත් එතෙන්ට එන්න ඇති කියල මන් හිතුව.ඉතින් ඔයි කොයි කවුරුත් මට බලන්න ඇති කියල මන් හිතුවා.තෘප්තිමත් හැගීමකින් එතනින් එලියට ආවත් හිටපු ළමයි කන්දරාව මතක් වෙන්න මතක් වෙන්න දෙයියොම තමයි සිහිවුනේ.අපි එකිනෙකාට හොරෙන් දෙයියන්ටම කියුවා.
ඉතින් ඊට පස්සේ විද්‍යාලයට තේරිලා තිබුන දවසේ මගේ හිතෙන දන්න වන්නම් සේරම නැටුවා.දැන් ඉතින් මාත් ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍යාවක් වුනා.ඒ කියන්නේ ජනමාධ්‍යවේදිනියක් වීමේ ඉලක්කය සපුරා ගැනීමේ සටනට උර දෙන්න මාත් එක් වුනා.
එත්තටම එක නම් නියම සටන්කාමී ජිවිතයක් වුනා.අනේ අපි ගහමරා ගත්තේනම් නැ.අවුව,වැස්ස,මහන්සිය,පීඩනය එක්ක සටන් වැදුනා.අපි මුලින්ම රෙකෝඩර් අරන් ගියේ නිකන් වීරයෝ වගේ.මාර ආසාවකින් පුදුම නිදහසකින්.ඊට ටික දවසකට පස්සේ තමයි අනේ අම්මෝ කියල හිතුනේ.වැඩේ ලේසි නැ.බරපතලයි.ඒත් කවුරුවත් අතහරින්න සුදානම් නැ.අවුව,වැස්ස,බඩගින්න නොබලා හැමෝම හැමෝටම උදවු කර ගත්තා.
කිසිම කෙනෙකුට ආගම,ජාතිය,රට,සංස්කෘතිය හරස් වුනේ නැ.අපි ඔක්කොම ශ්‍රී ලංකික දරුවෝ වුනා.අපි හැමෝම හැමෝන්ටම පිහිට වුනා.උදවු කළා.දැනුම බෙදාහදා ගත්තා.බඩගින්නේ හිටියා.කාගෙහරි බත් එකක් ලිහාගෙන ටික ටික හැමෝම කැවා.ගැණු ළමයි පිරිමි ළමයි වෙනසක් නැ.එක අම්මගේ දුලා පුතාලා වගේ කවුරුත් එක පතේ එකට වාඩි වෙලා කැවා.
පස්සේ පස්සේ අපි ඒ ජීවිතේට හුරු වුණා.අපි ඒ ජීවිතේට ආදරය කළා.කොටින්ම අපි ඒ ජීවිතය තුල සියල්ල දරාගනිමින් සතුටින් ජිවත් වුනා.
අපිට අපේ ගුරුවරුන්ගෙන් ලැබුන අවවාද දිරිය ආරක්ෂාව අමතක කරන්න බැරි තරම් ඒ අවුරුද්ද පුරාම අපේ දෙමාපියන් වුනේ ඔවුන්.ඔවුන්ගෙන් අපලද අවවාද අනුශාෂනා සමහර විට බැනුනුත් අඩුපාඩුවක් නැතුව ලැබුනා. ඒවා අපිව හරි පාරට ඇද දැම්මා.ඉදිරියට යන්න හොද තල්ලුවකුත් වුනා.
අපි දිනගණන් මීගමු ,යාපනය අධ්‍යාපන චාරිකා ගියා.ඒවායින් ලැබුණු අද්දැකීම් ,විනෝදය සහ දැනුම මෙතෙක් කිසි ලෙසකින් අප ලබා තිබුනේ නැ.අපි ඇති තරම් නැටුවා.කෑවා .බිවුවා.සින්දු කිවුව.අපිට අපේ නිදහස බුක්ති විදින්නට අපේ ගුරුවරුන් ඉඩ දුන්න විතරක් නෙමෙයි ඒවාට හවුල් වෙලා අපිත් එක්ක විනෝද වුනා.ඔවුන් අප සමග හැසිරුනේ මිතුරු මිතුරියන් වගේ.ඒ තරම් දරුවන්ගේ හිත් ඔවුන් හදුනාගෙන හිටියා.මාද්‍ය ලෝකයේ මැනිය නොහැකි විශාලත්වයත් ඒ තුල හැසිරෙද්දී අප තුල තිබිය යුතු සාරදර්මත් ඔවුන් අප තුල ඇති කළා.මේ සියල්ල සිහිවෙද්දී ඇසට උනන පුංචි කදුළ ,අප වෙනුවෙන් වෙහෙසුණු ඔවුන් වෙනුවෙන් පිදෙන කෘතවේදීත්වය යැයි මට හිතෙනවා.
ඉතින් අපිට මේ සියල්ලෙන් සමුගන්න කාලය ඇවිල්ල.මේ නිදහස ,විනෝද බර ආදරණිය ජීවිතය මෙතෙනින් නිම වෙනවා.ජනමාද්‍යවේදීන් හැටියට අපිට පා තබන්න වෙන්නේ ඉතාම කාර්යබහුල සංකීර්ණ ජීවිතයකට බව මම දන්නවා.
මගේ රට වෙනුවෙන් නිවැරදිව සිටීමට ජනමාද්‍ය විද්‍යාලයෙන් මා ලද අද්‍යාපනය නිරතුරුවම මා පොලබවනවා යැයි මට හිතෙනවා. හෙට දවසේ අප මේ වටිනා බුමියෙන් සමුගත්තද මෙය පුර්ණ මිනිසුන් බවට අප පත් කල අපේම විදුහල බවත් මෙහි සිටින්නේ මේ තැනට අපි ඔසවා තැබූ අපේම දයාබර ගුරුවරුන් බවත් අමතක නොකළ යුතුව තිබෙනවා.
ලොව කොතැනක සිටියද මෙහි ගත කල සොදුරු ආදරණිය ජීවිතය තවදුරටත් මා සමග ජිවත් වේවි.
No comments:
Post a Comment