Pages

Monday, October 17, 2011

ටයිටස් තොටවත්ත





ප්‍රවීණ සිනමා හා රූපවාහිනී නිර්මාණකරුවකු වූ ටයිටස් තොටවත්ත මහතා අද(15) රාත්‍රියේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබේ.‍
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මෙසේ අභාවප්‍රාප්ත වී ඇති බව රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේය.‍ මියයන විට ඒ මහතා 82 හැවිරිදි වියෙහි පසුවිය.‍
වසර 1929 අපේ‍්‍රල් 17 වැනිදා බොරැල්ලේදී උපත ලද ඔහු මුලින් එම්මානුවෙල් ටයිටස් ද සිල්වා නම් විය.

කොළඹ ආනන්ද විදුහලෙන් අධ්‍යාපනය ලද හෙතෙම ජේඞීඒ පෙරේරා හා ස්ටැන්ලි අබේසිංහ යටතේ කලාව හැදෑරීය.

තොටවත්ත මහතා 1956දී ලෙස්ටර් ජේම්ස් පීරිස් හා විලී බ්ලේක් සමඟ ‘රේඛාව’ චිත‍්‍රපටයට එක්වූයේ එහි සංස්කරණය සඳහායි.

චන්ඩියා (1965), කවුද හරි (1969) හා හාරලක්‍ෂය (1971) ඔහුගේ අධ්‍යක්‍ෂණයන් අතර විය.

වසර 1980දී ඔහු ලියා අධ්‍යක්‍ෂණය කළ හඳයා එම වසරේ හොඳම චිත‍්‍රපටය ලෙසින් සරසවි සම්මානය දිනාගත්තේය.

තොටවත්ත මහතා පසුව ඉංග‍්‍රීසි කාටූන් සිංහල බසින් හඬකවා ඉදිරිපත් කල අතර, එළුසන් වැනි රූකඩ වැඩසටහන් ද හඳුන්වා දුන්නේය.
චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු, රූපවාහිනී හඬකැවීම් ශිල්පියෙකු ලෙස ඒ මහතා මෙරට කලා ක්ෂේත්‍රයට විශාල සේවාවක් ඉටුකළේය.

No comments:

Post a Comment